2020 ඔලිම්පික් උළෙල ලබන වසර දක්වා කල් දැමීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ.

2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල කල් දැමීම සම්බන්ධයෙන් ඉදිරි සති 4ක කාලය තුළදී තීරණයක් ගැනිමට නියමිත බව වාර්තා වෙයි.

2020 ඔලිම්පික් තරගාවලිය සඳහා සිය රට නියෝජනය කරමින් ක්‍රීඩා කණ්ඩායම් සහභාගී නොවන බව කැනඩාව පවසයි.

2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග සඳහා සූදානම් විය යුතු බව, අමෙරිකානු ඔලිම්පික් හා පැරා ඔලිම්පික් කමිටුව දැනුම් දී තිබේ. 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබු ටෙස්ට් තරගාවලිය අත්හිටුවීමට තීරණය කර ඇත.

එංගලන්තය සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට කණ්ඩායමක් ලෙස මනා සූදානමකින් පසුවන බව, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.

කොළඹ ආනන්ද-නාලන්දා විද්‍යාලාන්තර සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමය කොළඹ එස්.එස්.සී පිටියේ දී අද (07) ඇරඹිණි.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරග දෙකකින් සමන්විත විස්ස තරගාවලිය තරග 2ට 0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණි.

ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවැනි අදියර මහනුවර සිට ත්‍රිකුණාමලය දක්වා අද ක්‍රියාත්මක වුණා.

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 20 - 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ.

කොළඹින් අද උදේ ආරම්භ කෙරුණු, ශ්‍රී ලංකා ගුවන් හමුදා 2020 පාපැදි සවාරියේ පළමු අදියර මහනුවරින් අවසන් කෙරුණා.

2020 ගුවන් හමුදා පාපැදි සවාරිය කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසළින් හෙට (05) ආරම්භ කෙරෙනවා.

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 20 - 20 ක්‍රිකට් තරගාවලිය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භවේ.

ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි 3වන සහ අවසන් එක්දින තරගය ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.

ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි. දිවා රාත්‍රී තරගයක් වන මෙය ආරම්භ වන්නේ පස්වරු 2.30ට.

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සූදානම් කටයුතු මෑතකදී සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 161ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ තායිලන්තයට එරෙහිව පැවති තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය වාර්තා කළේය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය එක් කඩුල්ලකින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද සමත්වුණා.

ශ්‍රී ලංකා-බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී හෙට පැවැත්වේ.

Latest News