නේපාලයේ, කත්මන්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තුන් පිම්ම කාන්ත ඉසව්වේ රන් පදක්කම හෂිනි පබෝධ හිමිකර ගත් අතර රිදි පදක්කම විදූෂා ලක්ෂානි හිමිකර ගත්තාය.
13 වැනි දකුණු ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 1500 දිවිමේ තරගයෙන් නිලානි රත්නායක රන් පදක්කම හිමිකර ගනී.
නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට පළමු පදක්කම රන් පදක්කම හිමිකර දීමට රනුක ප්‍රභාත් අද (02) සමත් විය.
13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කරාතේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථාන සංචාරයට එක්වන ශ්‍රි ලංකා සංචිතය නම් කෙරේ.
ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.
ඉන්දියා-බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 22 වැනි දින ඉන්දියාවේ කල්කටා හිදී ආරම්භ වේ.
ශ්‍රී ලංකා 20-20 නායක ලසිත් මාලිංග එළඹෙන “ඉන්දීය ප්‍රිමියර් ලීග්“ ක්‍රිකට් තරඟාවලිය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ රඳවා ගැනීමට එම කණ්ඩායම තීරණය කර තිබේ.
වසර 10කට පසු පකිස්ථානයට ටෙස්ට් ක්‍රිකට් වසන්තය කැඳවමින් ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන මස 11 වැනිදා ආරම්භ වෙයි.
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 20-20 ක්‍රිකට් නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව තවදුරටත් පෙරමුණ ගැනීමට පකිස්තානය සමත්ව සිටී.
2019 ලෝක රග්බි කිරුළ හිමි කර ගැනීමට දකුණු අප්‍රිකාව අද(02) සමත් විය.
උස පැනීමේ ශූර මංජුල කුමාර තරග බිමෙන් සමු ගන්නා බව නිල වශයෙන් නිවේදනය කරයි.
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් බංගලාදේශ ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන්ට වසර 2ක තරග තහනමක් පනවා ඇත.
ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකාව අද සමත්විය.
ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු 20-20 තරගය ලකුණු 134කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව අද සමත්විය.
ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග හෙට ආරම්භ වේ.
ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ජපානය අද සමත්විය.
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දැල්පන්දු ශුරතා ද්විත්වයක් දිනා ගැනීමට කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය අද සමත්විය.
මැරතන් ලෝක වාර්තාව අභිබවා යාමට කෙන්යානු ක්‍රීඩකයෙක් එළියද් කිප්චුගේ අද (12) සමත්විය.