ඇෆ්ගනිස්ථානය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් නොවේ - තලෙයිබාන් සංවිධානය

අගෝ 19, 2021

    ඇෆ්ගනිස්ථානය මූලික වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් නොවන බව තලෙයිබාන් සංවිධානයේ නියෝජිත වහිදුල්ලා හෂීමි අවධාරණය කර සිටී.

    එබැවින් එම පාලන ක්‍රමය ඇෆ්ගනිස්ථානයට අදාල නොවන බව ඔහු කියයි. ඇෆ්ගනිස්ථානය අනුගමනය කළ යුත්තේ කුමන දේශපාලන ක්‍රමයදැයි යන්න පිළිබඳව සාකච්ඡා කිරීම අනවශ්‍යය. ඊට පිලිතුර පැහැදිලිය“එය ෂරියා නීතියයි’’ ඉන් ඔබ්බට කිසිදු පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවන බව ඔහු කියයි. රට පාලනය කිරීමේ ගැටළු පිළිබඳව තලෙයිබාන් සංවිධානය මෙම සතියේදී සාකච්ඡාවට ගැනීමට නියමිතය. මීට පෙර තලෙයිබාන් නියෝජිතයකු වන ශබිහුල්ලා මුජාහිද් සඳහන් කළේ ජාතික අවශ්‍යතාව සහ ඉස්ලාම් වටිනාකම් රැකගනිමින් කටයුතු කිරීමට ජනමාධ්‍යවලට ඇෆ්ගනිස්ථානය තුළ ඉඩ පවතින බවයි.

    මේ අතර ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ආහාර ආධාර ඇෆ්ගනිස්ථානයට අත්‍යාවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ ඇෆ්ගනිස්ථානය පිළිබඳ අධ්‍යක්වරයා කියයි එළඹෙන සීත සමයට පෙර මෙම ආහාර එරටට යොමු කළ යුතු බව ඊයේ පැවති සමුළුවකදී අධ්‍යක්වරයා පෙන්වා දුන්නේය.

    Latest News