යුද කටයුතු අත්හිටුවීමේ දින ගණන අවසන්

අප්‍රේ 18, 2022

    යුක්‍රේනයේ, මරියුපෝල් නගරයේ රුසියානු හා යුද කටයුතු තාවකාලිකව අත්හිටුවීමේ දින ගණන මේ වන විට අවසන් වී තිබේ. 

    රුසියානු බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, මරියුපෝල් නගරයේ මේ වන විට රැඳී සිටින යුක්‍රේන හමුදාවන් හැකි ඉක්මනින් අවි පසෙකලා යටත්වන ලෙසයි.

    රුසියාව, යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශ යටත් කර ගැනීමට අවශ්‍ය යුධ බලය රැස් කරමින් සිටින බවට බ්‍රිතාන්‍ය බුද්ධි අංශ කරුණු වාර්තා කර තිබිණ. ඊයේ වන විට නැවතත් රුසියානු ප්‍රහාර කිව් හා නැගෙනහිර ප්‍රදේශ තුළ ඉහළ ගොස් තිබේ.

    ඉහළ යමින් පවතින ප්‍රහාර හමුවේ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ, මරියුපෝල් ඇතුළු නැගෙනහිර ප්‍රදේශ කිසිවක් රුසියාවට පැවරීමට සූදානම් නැති බවයි. 

    Last modified on සදුදා, 18 අප්‍රේල් 2022 10:20

    Latest News