මිල්ටන් ෆ්ලොරීඩාවට රිංගයි

ඔක් 10, 2024
    ප්‍රබල මිල්ටන් සුළිකුණාටුව ෆ්ලොරීඩා ප්‍රාන්තයේ සියෙස්ටාකී ප්‍රදේශයට ඇතුල් වී ඇති බව, අමෙරිකානු ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා.

    එහි ප්‍රබලත්වය තුන්වන ඛාණ්ඩයේ සුළිකුණාටුවක් ලෙසයි වාර්තා වන්නේ.

    මිල්ටන් සුළිකුණාටුව හේතුවෙන් ෆ්ලොරීඩා ප්‍රාන්තයට දැඩි අනතුරු ඇඟවීම් ඊයේ නිකුත් කෙරුණා.
    ප්‍රබල සුළං සහ හදිසි ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවටයි අනතුරු ඇඟවිම් නිකුත් කර ඇත්තේ.
    ලක්ෂ 40 කට අධික ජනතාවකට එහි බලපෑම එල්ල වියහැකි බවට කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කරනවා.
    කඩිනමින් එම ප්‍රදේශවලින් ආරක්ෂිතව ඉවත් වන ලෙසයි ආණ්ඩුකාර ජේන් කූස්ටර් ප්‍රකාශ කළේ.

    Latest News