දකුණු කොරියාවේ පළමුවරට කොවිඩ් ආසාදිත පූස් පැටවෙක් හමුවීමෙන් පසුව එහි අගනුවර වන සෝල් නුවර වෙසෙන සුරතලයට ඇතිකරන පූසන් හා සුනඛයින් කොවිඩ් -19 සඳහා පරීක්ෂා කිරීමට එම නගර බලධාරීන් තීරණය කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනූව ලොව පුරා වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව සිව්වැනි සතියටත් අඩු වී තිබේ.

බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය දශකයක් තුළ එහි අවම මට්ටම වාර්තා කර තිබේ. මේ හේතුවෙන් දැඩි හිමපතනයක් සිදු වෙමින් පවතින අතර ඒ හේතුවෙන් ජනජීවිතයට එල්ලව ඇත්තේ, දැඩි බලපෑමක්.

අද වන විට ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දස කෝටි 74 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ලොව පුරා මෙතෙක් සිදුව ඇති කො‍රෝනා මරණ සංඛ්‍යාව 23 ලක්ෂ 50,000කට අධිකයි. ඉකුත් පැය 24 තුළ අමෙරිකාවේ කොරෝනා මරණ 3,265ක් සිදුව ඇති බවයි, නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ.

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වූ දෙවැනි දෝෂාභියෝගය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව සෙනෙට් මණ්ඩලය පවසයි. ඊට අදාළ ඡන්ද විමසීමේ දී දෝෂාභියෝගය ව්‍යවස්ථාවට පටහැනි නොවන බව සෙනෙට් බහුතර ඡන්දය හිමිව ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතා අඛණ්ඩ ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේ වන විට එරට අන්තර්ජාල සබඳතා සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති බවයි, වාර්තා වන්නේ.

ඉකුත් දින 10ක කාලය තුලදී අමෙරිකාව තුළ කොරෝනා වෛරසයේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය ආසාදිත පිරිස දෙගුණයක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රදේශයේ ග්ලැසියරයක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව හත දක්වා ඉහළ ගොස් තිබේ.

අමෙරිකාවේ කොරෝනා දෛනික ආසාදිතයන් සංඛ්‍යාවේ අඩුවක් පෙන්නුම් කරන බව වාර්තා වෙයි. මේ වසරේ දෛනික අඩුම රෝගීන් සංඛ්‍යාව දැනට වාර්තා වී ඇත්තේ, ඊයේ දිනයි. 89,691 දෙනෙක් ‍එම පිරිසට අයත්.

නෙදර්ලන්තයේ කොරෝනා ආසාදිතයන් පරීක්ෂාව වේගවත් කිරීම සඳහා ආරම්භ කෙරුණු පුද්ගලයන්ගේ ස්වසනය පරීක්ෂා කිරීමේ නව ක්‍රමවේදය සාර්ථකව වී තිබේ. ආසාදිතයන් ක්ෂණිකව හඳුනා ගැනීමට මෙන්ම අඩු වියදමකින් එම පරීක්ෂාව කළ හැකි වීම ද මෙහි විශේෂත්වයක්.

ඉන්දියාවේ හිමාල අඩවිය ආසන්න "උත්තරකාන්ද්" ප්‍රදේශයේ වේල්ලක් මතට ග්ලැසියරයක් කඩා වැටීමෙන් විශාල ගංවතුර තත්වයක් හටගෙන තිබේ.

ගෝලීය වශයෙන් කොරෝනා මර්දන එන්නත් වැඩසටහන් ක්‍රියාත්මක පසුබිමක වුවද, අමෙරිකාව හැරුණු විට ඉන්දියාව, ඉන්දුනීසියාව, මෙක්සිකෝව, ඉතාලිය, රුසියාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ බ්‍රසීලය යන රටවලින් දෛනිකව අලුතින් ආසාදිතයින් 10,000කට අධික පිරිසක් වාර්තා වෙමින් පවතී.

කොරෝනා ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව අද වනවිට දස කෝටි 63 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

මියන්මාර හමුදා පාලනය එරට වැසියන්ට ට්විටර් සමාජ ජාලය සහ ඉන්ටර්ග්‍රෑම් වෙත පිවිසීමට ඊයේ (05) සිට අවහිර කර තිබේ.

චීනය සහ ජපානය, සමුද්‍රීය කටයුතු පිළිබඳ 12වැනි ඉහළ පෙළේ සාකච්ඡාව පවත්වයි.

කොවැක්ස් පහසුකම යටතේ දුප්පත් රටවල් සදහා එන්නත් මිලියන 330 ක් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා.

මියන්මාර හමුදා පාලනය එරට වැසියන්ට ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය වෙත පිවිසීම ලබන හත්වෙනිදා දක්වා අවහිර කර තිබෙනවා.

මියන්මාර හමුදා පාලනය සිය ග්‍රහනය තවත් දැඩි කර තිබේ. ඒ පැවති රජයේ සිටි ඉහළ පෙළේ නිලධාරීන් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීමෙන්.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් බ්‍රිතාන්‍යයේ කො‍රෝනා වෛරස ව්‍යාප්තිය බෙහෙවින් පාලනය විය හැකි බව විද්‍යාඥයින් පෙන්වා දෙයි. එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමෙන්ම එහි සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවයි, බ්‍රිතාන්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

පාකිස්ථානය නව කොරොනා වෛරසයට එරෙහි එන්නත්කරණය ආරම්භ කරයි.

Latest News