ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට දස කෝටි අනූ හය ලක්ෂය ඉක්මවා තිබේ.

මියන්මාරයේ හමුදා පාලනය එරට දෙවැනි දිනටත් අන්තර්ජාල සම්බන්ධතා අත්හිටුවා තිබේ. ඒ දිනෙන් දින ඉහළ යන උද්ඝෝෂණ රැල්ල පාලනය කිරීමේ අරමුණින්. මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් මේ දිනවල පැවැත්වෙයි. 

ඉබෝලා වෛරසයෙන් මියයන පිරිස මේ වන විට ඉහළ යමින් පවතින බව වාර්තා වෙයි. ගිනියා රාජ්‍යයේ දැනට මෙම රෝගය වැළඳීමෙන් රෝගීන් සිව් දෙනෙක් මියගොස් තිබේ. මේ වන විට බටහිර අප්‍රිකානු කලාපයේ ඉබෝලා වෛරසය පැතිර යාමේ අවදානමක් ඇතැයි, බලධාරීන් පවසයි.

බටහිර අප්‍රිකාවේ ඉබෝලා වෛරසය ‍හේතුවෙන් සිව් දෙනෙකු මියගොස් තිබේ.

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් ජයග්‍රහණය කර තිබේ.

මධ්‍යම ආසියාවේ තජිකිස්ථානයේ රික්ටර් පරිමාණයේ 6.3ක ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී තිබේ.

ජපානයේ ෆුකුෂිමා වෙරළ තීරයේ ඊයේ ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබේ.

දෝෂාභියෝගයෙන් හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු කිරීමට ඡන්දය නොදෙන බව, රිපබ්ලිකන් පාක්ෂික සෙනෙට් සභිකයන් ප්‍රකාශ කරයි.

අමෙරිකාව, ඉන්දියාව, බ්‍රසීලය, බ්‍රිතාන්‍යය හා මෙක්සිකෝව යන රටවලින් වැඩිම කොරෝනා මරණ වාර්තාවේ.

කොරෝන වෛරසයේ මූලාරම්භය චීනය බව පැවසීමට තරම් කිසිදු සාධාරණ සාක්ෂියක් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි අසූ අට ලක්ෂ හය සිය තුනක් දක්වා ඉහළ යයි.

ඊයේ (11) චීන ලිත් ක්‍රමයට අනුව අලුත් අවුරුදු උදාවේ පෙරවරුවේ, චීන - අමෙරිකා ජනාධිපතිවරුන් අතර පැවති දුරකථන සාකච්ඡාව සමස්ත ලෝකයේ ඉමහත් අවධානයට ලක්ව තිබේ.

සිය රට තුළ BBC ලෝක සේවයේ විකාශන කටයුතු තහනම් කිරීමට චීනය පියවරගෙන තිබේ.

මියන්මාරයේ හමුදා නායකයින්ට එරෙහිව සම්බාධක පැනවීමේ විධායක නියෝගයකට ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා තිබෙනවා.

චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනයේ නිකුත් කළ තොරතුරුවලට අනුව, පෙබරවාරි 5වැනිදා වනවිට, Tian Wen අංක 1 නමැති චීන අඟහරු රෝවරය, කක්ෂය මත දින 197ක් පියාසර කර ඇති අතර, එය පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 184 ක් පමණ දුරින් ගමන් කරමින් සි‍ටී.

සුමාත්‍රාහි රිච්ටර් මාපාංකයේ ඒකක 6.2ක භුකම්පනයක් සිදුව තිබෙනවා.

යුරෝපයේ වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන ප්‍රංශ ජාතික ඇන්ඩ්‍රේ කන්‍යා සොයුරිය, කොවිඩ් - 19 රෝගයෙන් දිවි ගලවාගෙන තිබේ.

2019 දෙසැම්බරයට පෙර වුහාන් හි නව කොරොනා වෛරසය පැතිරීම සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති බව චීනයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒකාබද්ධ විශේෂඥ කණ්ඩායම පවසයි.

15 දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විරල එකමුතුවක් ප්‍රදර්ශනය කරමින් අමෙරිකාව, චීනය ඇතුළු සාමාජිකයින් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයකට සහය පළ කර තිබෙනවා.

සංවර්ධනය වෙමින් පවතින රටවල් 53කට චීනය කොරෝනා මර්දන එන්නත් ආධාර ලබා දෙන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

Latest News