අවි අවම කිරීම පිළිබඳ උපායමාර්ගික ගිවිසුම හෙවත් නව START ගිවිසුමට පස් අවුරුදු දීර්ඝ කිරීමක් අපේක්ෂා කිරීමේ ඇමරිකානු තීරණය සහ එම යෝජනාවට රුසියාව දැක්වූ  ධනාත්මක ප්‍රතිචාරය එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මහතා අගය කරයි.

බ්‍රිතාන්‍ය තුළ පැතිර යන නව කොරෝනා වයිරස් ප්‍රභේදය ඉදිරියේ දී වඩාත් මාරාන්තික විය හැකි බවට එරට අග්‍රාමාත්‍යවරයා අනතුරු අඟවනවා.

බ්‍රිතාන්‍යයේ වාර්තා වූ නව කොරෝනා වෛරසයේ ප්‍රබේද පළමු වෛරසයට වඩා මාරාන්තික එකක් බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසයි.

බෝවන රෝග පිළිබඳ විශේෂඥ Anthony Fauci මහතා ප්‍රමුඛ ඇමරිකානු නියෝජිත කණ්ඩායම ලෝක සෞඛ්‍ය සංවිධානයේ 148 වන විධායක කමිටු රැස්වීමට දුරස්ථ ලෙස සහභාගි වෙති.

ටෝකියෝ ඔලිම්පික් උළෙල අවලංගු කළ බවට පළ වූ වාර්තා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උප සභාපති ජෝන් කෝට්ස් මහතා ප්‍රතික්ෂේප කරයි.

එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ල තුළ ස්ථානගත කර ඇති ජාතික ආරක්ෂක බලකායේ සෙබළුන් හට ප්‍රමාණවත් පහසුකම් නොලැබීම පිළිබඳ ජනාධිපති ජෝ බයිඩන් සමාව අයද සිටියි. ආරක්ෂක බලකායේ සාමාජිකයන් හට රථ ගාලවල් තුළ නිදාගැනීමට සිදුවීම මෙලෙස ජනාධිපති බයිඩන්ගේ කනස්සල්ලට හේතු වී තිබේ.

ලොවපුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 98,112,625ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (23) අලුයම වාර්තා කරයි.

දකුණු අප්‍රිකාවේ හඳුනාගෙන ඇති කොවිඩ්-19 ප්‍රභේදයේ එක් ආසාදිතයෙක් කියුබාවෙන් සහ පැනමාවෙන් අනාවරණය වී ඇති බව දෙරටේ සෞඛ්‍ය නිලධාරීන් පවසයි.

කොරෝනා ගෝලීය මරණ සංඛ්‍යාව අද වන විට ලක්ෂ 21 ඉක්මවා ගොස් තිබේ.

ලොව විශාලතම එන්නත් නිෂ්පාදනාගාරය වන බටහිර ඉන්දියාවේ සීරම් ආයතනය සතු ගොඩනැගිල්ලක ඊයේ ගින්නක් හටගෙන තිබේ. එහිදී 5 දෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පදවි ප්‍රාප්තියෙන් පැය 24ක් තුළ ජනාධිපති විධායක නියෝග වැඩිම සංඛ්‍යාවක් බලාත්මක කළ අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් වාර්තා අතරට ඒක්ව සිටී.

ජෝ බයිඩන් අමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා.

ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් අද දිවුරුම් දෙනවා.

කොරෝනා එන්නත ලොවට බෙදාහැරීමේ අසාධාරණ ප්‍රතිපත්තිය නිසා ඉදිරියේදී අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ස්විට්සර්ලන්තයෙන් තවත් නව කොරෝනා වෛරස ප්‍රභේදයක් හඳුනාගෙන තිබේ. එම වෛරස ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යන ස්වභාවයක් ගෙන ඇතැයි, විද්‍යාඥයින් පවසයි.

ප්‍රථම වරට ගුවන් යානයක් මාර්ගයෙන් රෝකට්ටුවක් ගුවන් ගත කිරීමට අමෙරිකානු වර්ජින් ඔබිට් සමාගම පියවර ගෙන තිබේ.

අමෙරිකානු නව ජනාධිපති ජෝ බයිඩන් බලයට පත් වහාම වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති රැසක් වෙනස් කරනු ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

චීනයේ රත්රන් පතලක සිටින කම්කරුවන්ගෙන් දින 7කට පසු සංඥ්‍යාවක් ලැබී තිබේ. ඔවුන් සඳහන් කර ඇත්තේ, කම්කරුවන් දොළොස් දෙනෙක් ජීවතුන් අතර සිටින බවයි.

නෝර්වේ රාජ්‍යයේ කොරෝනා මර්දන එන්නත් ලබා දුන් පුද්ගලයින් 23 දෙනෙක් මියගොස් ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ ප‍්‍රාන්ත පනහේම ආරක්ෂාව තරකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Latest News