යුරෝපා සංගමය හා ඒක්සත් රාජධානිය පශ්චාත් ‌බ්‍රෙක්සිට් වෙළඳ ගිවිසුමක එලඹුණි.

ලොව පුරා බිලියන 1.3කට අධික කිතුණු ප්‍රජාව නියෝජනය කරමින් ප්‍රධාන දේව මෙහෙය ඊයේ රාත්‍රී පැවැත්විණ. ඒ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ.

බ්‍රිතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වෛරස ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් සම්ප්‍රේෂණය වූවක් බව එරට සෞඛ්‍ය ලේකම් මැට් හැංකොක් පවසයි.

කොරෝනා වසංගතයට කඩිනම් විසඳුමක් ලෙස 'මොඩර්නා' එන්නත ජනතාවට ලබා දීමට කැනඩාව පියවර ගෙන තිබේ.

කොවිඩ් - 19 වයිරසයට එරෙහි ඇස්ට්‍රා සෙනෙකා ඒන්නත ඉන්දියානු ජනතාවට ලබන සතියේ සිට ලබාදීමට එරට රජය සූදානමින් සිටිනවා.

චීනයේ වැඩිහිටියන්ගෙන් අඩකට වැඩි පිරිසක් තරබාරු කමින් පෙළෙන බව වාර්තා වෙයි. අධික බර සහිත පුද්ගලයන් කොවිඩ්-19 වෛරසයට මාරාන්තික සංකූලතා පෙන්වන බවයි,එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.

"ටෙස්ලා" මෝටර් රථ සමාගම විකිණීමට උත්සහ කළ අවස්ථාවේ "ඇපල්" සමාගම එය ප්‍රතික්ෂේප කළ බව "ටෙස්ලා" නිර්මාතෘ ඊලෝන් මස්ක් පවසයි.

ඊශ්‍රායලය යළිත් මහ මැතිවරණයක් පැවැත්වීමට සූදානම් වෙයි.

කොරෝනා ගෝලීය ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද වන විට හත්කෝටි 83 ලක්ෂය දක්වා ඉහළ ගොස් තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ තේරී පත් වූ ජනපති ජෝ බයිඩන් ඊයේ(21 ) කොවිඩ් එන්නත ලබා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් රාජධානියේ සිට සිය රට වෙත සංචාරය තහනම් කිරීමට යුරෝපා රටවල් රැසක් තීරණය කර ඇත.

කොරෝනා වයිරසයට එරෙහිව ඇමෙරිකාව නිපද වූ දෙවන එන්නත වන මොඩර්නා එන්නත භාවිතය සඳහා බෙදා හැරීම අද ආරම්භ වුණා.

තම ත්‍රස්ත විරෝධී බලකායන් ගේ ප්‍රහාරවලින් මෙම වසරේ දී අයි.එස් සටන්කාමීන් 206 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බව ඉරාක ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීමේ සේවාව පවසයි.

නව කොරොනා වසංගතයට මුහුණදීමට එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මහතා ගෝලීය සහාය පතයි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව රුසියාවේ Vladivostok හි කොන්සල් ජනරාල් කාර්යාලය වසා දැමීමටත් Ekaterinburg හි කොන්සල් ජනරාල් කාර්යාලයේ කටයුතු අත්හිටුවීමටත් පියවර ගනී.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර Covid - 19 අවධානම ඉහලයාමත් සමග නව සීමා පනවා තිබේ.

'කොවිඩ් 19' වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි එංගලන්තයේ පුද්ගලයින් මිලියන 16කට අධික පිරිසක් නත්තල් සමයේ දී අගුලූ දැමීමකට ලක් කිරීමට බි‍්‍රතාන්‍ය රජය පියවර ගෙන තිබේ.

ජපානයේ කනෙට්සු අධිවේගී මාර්ගයේ සිදුවූ අධික හිම පතතය හේතුවෙන් වාහන දහසක් පමණ එක පෙළට සිර වී දින දෙකක් පමණ එකම ආකාරයෙන් තිබෙන ආකාරය දැකගත හැකි වෙයි.

මත්ද්‍රව්‍ය ලෙස ජාත්‍යන්තර වශයෙන් භාවිතා කරන වියළි කොළ තොගයක් නයිජීරියාවේ සිට තැපැල් පාර්සලයක් ලෙස කටුනායක ගුවන් භාණ්ඩ අංශය වෙත එවා තිබිය දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය භාරයට ගෙන තිබේ.

covid - 19 මර්ධනය සඳහා Moderna එන්නත භාවිත කිරීමට ඇමරිකානු රජය අවසර ලබා දී තිබේ.

Latest News