චීනය ස්වයං ලෙස සංවර්ධනය කළ සිය ප්‍රථම කොවිඩ් - 19ට එරෙහි එන්නත කොන්දේසි සහිතව භාවිත කිරීම අනුමත කරයි.

ජාත්‍යන්තර සම්මානයට සහ කීර්තියට පත් වූ පළමු චීන ජාතික කෘතහස්ත පියානෝ වාදන ශිල්පී ෆොව් ට්සොන්ග් කොවිඩ් 19 ආසාදනය වී ජීවිතයෙන් සමු ගත්තේය.

බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය අතර මෙතෙක් පැවති වෙළෙඳ සම්මුතිය නීත්‍යානුකූලව නිමාවට පත්ව තිබේ.

යේමනයේ ඒඩන් ගුවන්තොටුපොළ වෙත ඊයේ එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් විසි දෙදෙනෙක් මිය‍ගොස් තිබේ.

අමෙරිකාව ඩොලර් මිලියන 290ක වටිනාකමින් යුත් බෝම්බ 3,000ක් සෞදි අරාබියට ලබාදීමට අනුමැතිය පළකර තිබේ. එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

අසල්වැසි ඉන්දියාවේ සහ පකිස්ථානයේ ද කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය හඳුනාගෙන ඇත.

අමෙරිකානු නව උප ජනාධිපති ලෙස තේරීපත් කමලා හැරිස් ඊයේ කොරෝනා වෛරසයට එරෙහි එන්නත ලබා ගෙන තිබේ.

බ්‍රිතාන්‍යයෙන් මුල්වරට ද සොයාගත් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය පළමු වරට අමෙරිකාවෙන් ද හඳුනාගෙන තිබේ.

මධ්‍යම ක්‍රොඒෂියවේ ඇති වූ භූකම්පනයකින් පුද්ගලයින් 7 දෙනෙක් මියගොස් තිබේ. භූමිකම්පාවේ ප්‍රභලත්වය රිච්ටර් පරිමාණ ඒකක 6.4ක් ලෙස සටහන් විය.

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාදිතවූවන් හය දෙනෙක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වයිරස් සහන සහ වියදම් පැකේජයට අත්සන් තබා තිබේ.

පිළිකා රෝගීන් සඳහා වන විකිරිණශීලි ඖෂධ රටතුළ නිපදවීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

වයිරස ව්‍යාප්තිය මැඩලීම සදහා යුරෝපා සංගමයට අයත් රටවල් 24 මහා පරිමාණ එන්නත් ලබාදීම ක්‍රියාත්මක වේ.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර "ධාරවි" පැල්පත් නිවාසවලින් පසුගිය සිකුරාදා කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැත.

අමෙරිකාවේ පසුගිය නත්තල් දින සිදුවූ බෝම්බ පිපිරීම මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට සැකකරන බව ඒරට බලධාරින් පවසයි.

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය වැළඳුණු රෝගීන් රටවල් රැසකින් හමුවී තිබේ.

දකුණු ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් රෝහල් ගතකර තිබේ.

දකුණු අප්‍රිකාවේ කොරොනා වෛරසයේ විකෘති ප්‍රභේදය වේගයෙන් පැතිර යාම හේතුවෙන් ර‍ටවල් රැසක් හා දකුණු අප්‍රිකාව සමග ගුවන් සබඳතා අත්හිටුවයි.

ලතින් ඇමෙරිකා රටවලට ද කොරෝනා එන්නත් ලබාදීම ආරම්භ කර තිබේ.

දකුණු කොරියාවේ සංචරණ සීමා තවදුරටත් දැඩි කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

Latest News