අයර්ලන්තය, නෝර්වේ සහ ස්පාඤ්ඤය යන රටවල් ලබන 28 වැනිදා සිට පලස්තීනය රාජ්‍යක් ලෙස පිළිගැනීමට, තීරණය කර තිබෙනවා.
ඉතාලියේ නේපෝල්ස් නගරයේ හටගත් භූ කම්පනයක් හේතුවෙන් එහි පාසල් සහ කර්මාන්තශාලා තාවකාලිකව වසාදමා තිබෙනවා.
අභාවප්රාප්ත වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ගාසා තීරයේ හමාස් නායක යහ්යා සින්වාර් හට යුද අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.
ඉන්දුනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා අතර නිල හමුවක් පවත්වා තිබෙනවා.
ජීවිතක්ෂයට පත් ඉරාන ජනපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු හෙට (21) දිනයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
හෙලිකොප්ටර් යානා අනතුරකින්, ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් තිබෙනවා.
අමෙරිකාවේ ගිනිකොනදිග ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ වැසි සහිත කුණාටු තත්වයකින්, සිව්දෙනෙකු මිය ගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් මහතා ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගි වෙති. ඒ, ඊයේ (16) බෙයිජිං අගනුවර මහජන මහා ශාලාවේ පැවැත් වූ සාකච්ඡාවෙන් අනතුරුවයි.
උතුරු ගාසා තීරයේදී සිදුවූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඊශ්‍රායලයේම සොල්දාදුවන් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඊශ්‍රායල යුද ටැංකි දකුණු ගාසා නගරයට ඇතුළු වීමත් සමග පසුගිය සතිය තුළ පලස්තීනුවන් හාර ලක්ෂ 50,000 කට ආසන්න පිරිසක් රෆා දේශ සීමාවෙන් පළා ගොස් ඇති බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
ඊශ්‍රායලයට ඩොලර් බිලියන 1 ක යුද ආයුධ පැකේජයක් ලබාදීමට ධවල මන්දිරය තීරණය කර ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කැනඩාවේ ඇල්බර්ටා පළාතේ ෆෝර්ට් මැක්මරී ප්‍රදේශය හරහා හමා එන ලැව් ගිනි තවදුරටත් උත්සන්න වී තිබෙනවා.
දකුණු ගාසා තීරයේ, රෆා හි රෝහලකට යමින් සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රැගත් රථයකට, ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.