සෞදි අරාබියේ හජ් වන්දනාව අතරතුර දැඩි උණුසුම් කාලගුණ තත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 1,300 ඉක්මවා ගොස් ඇති බව, වාර්තා වනවා.
ගාසා තීරයේ සිය කාර්යාල පරිශ්‍රයට එල්ල වූ ෂෙල් ප්‍රහාරවලින් 22 දෙදෙනෙකු මිය ගොස් ඇති බව, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය පවසනවා.
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් උතුරු කොරියාවේ සංචාරයක නිරතව සිටිනවා.
පසුගිය වසරේ සිදු වූ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ රුසියානු සංචාරයේදී සිදු කෙරුණු නිල ආරාධනයකට අනුව රුසියානු ජනාධිපතිවරයා අද (18) උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමට නියමිතයි.