ගාසා තීරයේදී කොල්ලකරුවන් පිරිසක් එක්සත් ජාතීන්ගේ ආධාර රැගත් ලොරි රථ කිහිපයක් කොල්ලකා තිබෙනවා.
උතුරු ‍ගාසා තීරයේ 'බෙයිට්ලාහියා’ හි මහල් නේවාසික පරිශ්‍රයකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් 34 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ගාසා තීරයේ සිදුව ඇති සෝචනීය තත්වයක්, ලෙබනනයේද ඇති නොවීමට වගබලාගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලෙබනන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පලස්තිනුවන්ට එරෙහි යුද්ධයේදී ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ මුස්ලිම් පල්ලි සියයට 79ක් මේ වනවිට මුළුමනින්ම විනාශ කර ඇති බව, එරට ආගමික කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ ඉලක්කවලට ඊශ්‍රායල එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් 492 දෙනෙකු පමණ මිය ගොස් ඇතැයි, එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ගාසා තීරයට එල්ලවන ප්රහාර හේතුවෙන් පාසල් ළමුන් ලක්ෂ 6කට වැඩි පිරිසකට මේ වසරේ දෙවැනි පාසල් වාරය ද අහිමි වී ඇති බව පලස්තීන බලධාරීන් පවසනවා.
ගාසා තීරයේ මේ වන විට දරුණු මානව ඛේදවාචකයක් උද්ගතව ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා.
එක්සත් රාජධානිය, ඊශ්‍රායලයට යුද උපකරණ විකිණීම සීමා කර තිබෙනවා.
හමාස් සංවිධානය, ගාසා තීරයේ රඳවාගෙන සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමෙන් පසු ඊශ්‍රායලය පුරා ඊයේ විරෝධතා පැවැත්වුණා.
ගාසා තීරයේ දරුවන් සදහා පෝලියෝ එන්නත ලබාදීමේ පුළුල් වැඩසටහනෙහි පළමු අදියර අද ආරම්භ කරන බව, ලෝක ‍සෞඛ්‍ය සංවිධානය පවසනවා.

Latest News