ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හයකගේ සිරුරු හමු වෙයි

සැප් 02, 2024
    හමාස් සංවිධානය, ගාසා තීරයේ රඳවාගෙන සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමෙන් පසු ඊශ්‍රායලය පුරා ඊයේ විරෝධතා පැවැත්වුණා.

    එරට කොඩි රැගත් විරෝධතාකරුවන් දහස් ගණනක් ටෙල් අවිව් නුවරට සහ ජෙරුසලමට පැමිණ විරෝධතාවලට එක්ව සිටියා.

    විරෝධතාකරුවන් චෝදනා කරන්නේ, අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ රජය අනෙක් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට ගිවිසුමකට එළඹීමට කටයුතු නොකළ බවටයි.
    එම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ඉකුත් ඔක්තෝම්බර් 7 වැනිදා ප්‍රහාරයේදී හමාස් සංවිධානය විසින් අල්ලා ගනු ලැබුවා.
    විරෝධතා බොහෝ දුරට සාමකාමී වූ නමුත් ටෙල් අවිව්හිදී විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක බිඳ දමා ප්‍රධාන මාර්ගයක් අවහිර කළා.
    සෙසු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ඊශ්‍රායල කම්කරු සංගමය අද මහා වැඩ වර්ජනයක් කැඳවා තිබෙනවා.

    Latest News