උඩරට මැණිකේ නතරවී දින 7ක්

ඔක් 02, 2019

    උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය කෙරෙන උඩරට මැණිකේ දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ නතර කර අදට (02) දිනට හතකි.

    දුම්රිය සේවකයින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කල ඉකුත් 25වැනිදා මධ්‍යම රාත්‍රියේ දී හැටන් දුම්රිය ස්ථානයේ නතර කරනු ලැබු මෙම දුම්රිය තවමත් එම ස්ථානයේ එලෙසම නවතා තිබේ. එදින සිට දින 07ක් වන අද දිනය දක්වා උඩරට දුම්රිය මාර්ගයේ කිසිම දුම්රියක් ධාවනය නොකෙරුණු අතර වර්ජනය ආරම්භයේ නතර කරනු ලැබු මෙම දුම්රියේ තිබු තැපැල් මලු රැසක් තැපැල් දෙපාර්තමේන්තුවේ හැටන් කාර්යාලයේ බාරයට ගෙන අදාළ ප්‍රදේශ වෙත බෙදා හැරිමට පියවර ගනු ලැබීය.

    වර්ජනය ආරම්භයේ දුම්රිය නොමැතිය කාර්යාල සේවකයින් හා සාමාන්‍ය මගීන් පමණක් අපහසුතාවයට පත්වුවත් පසුගිය සදුදා සිට පාසල් සිසුන් දැඩි අසීරූතාවයට පත්ව සිටියි.

    ඒ අතර කඳුකරයේ දෙස් විදෙස් සංචාරක කර්මාන්තයටද මින් බලපෑම් එල්ල වී තිබේ. උඩරට ප්‍රදේශයේ සෞන්දර්යාත්මක ස්ථාන රැසක් දුම්රිය මාර්ග ආශ්‍රිතව පිහිටා තිබීම නිසා බහුතරයක් විදේශිකයින් මෙම ප්‍රදේශයේ සංචාරය කරනුයේ දුම්රියෙනි. එබැවින්  වර්ජනය හේතුවෙන් මෙවන් ක්ෂේත්‍ර රැසක් අකර්මණ්‍ය වී ඇති අතර  එය ඔවුන් සියල්ලගේ ආර්ථිකය කඩා වැටිමට හේතුවක් වී තිබේ.

    Train4 900px 19 10 02

    Train2 900px 19 10 02

    Train3 900px 19 10 02

    Train5 900px 19 10 02

     

    Last modified on බදාදා, 02 ඔක්තෝබර් 2019 10:06

    Latest News