ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ප්‍රථම එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.

වසර 10කට පසුව පාකිස්තානයේ ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් පාකිස්තානයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පාකිස්තානය ඉහළ ආරක්ෂාවක් ලබා දී තිබේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර, පළමු එක්දින ක්‍රිකට් තරගය අද කරච්චි නුවරදී ශ්‍රී ලංකා වේලාවන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා-පකිස්තාන ක්‍රිකට් තරගාවලිය හෙට (27) ආරම්භ කෙරෙනවා.

ලෝක කුසලාන රග්බි තරගාවලියේ ෆිජී සහ උරුගුවේ කණ්ඩායම් අතර පැවති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට උරුගුවේ කණ්ඩායම සමත්වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීකට් කණ්ඩායම නියෝජනය කිරීමට තීරණය කර තිබේ.

ලෝක කුසලාන රග්බි තරගාවලියේ රුසියාවට එරෙහිව අද පැවති තරගයෙන් සමෝවා කණ්ඩායම අද ජය වාර්තා කළේය.

පකිස්තානයට එරෙහිව පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියේය.

ලෝක කුසලාන රග්බි තරගාවලියේ ජෝර්ජියාවට එරෙහිව අද පැවති තරගයෙන් වේල්ස් කණ්ඩායම ජය වාර්තා කළා.

එස්.එල්.ටී. ස්පීඩ්අප් පාපැදි සවාරිය හෙට ආරම්භ වේ.

ලෝක කුසලාන රග්බි තරගාවලියේ අද පැවති තරගවලින් අයර්ලන්තය, ඉතාලිය සහ එංගලන්තය ජය වාර්තා කළා.

වලව සුපර්ක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරු පැදි ධාවකයා ලෙස රමීෂ බුල්ජන්ස් සම්මාන දිනා ගැනීමට සමත්විය.

ලෝක බර ඉසිලීමේ තරගාවලියේ දී නව ශ්‍රී ලංකා වාර්තා 3ක් පිහිටුවීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ඉන්දික දිසානායක අද (21) සමත්විය.

රග්බි ලෝක කුසලාන තරගාවලිය, අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය.

පාපන්දු තරග නැරඹීම සඳහා ඉරාන කාන්තාවන්ට ක්‍රීඩාංගණයන්ට ඇතුළුවීමට අවසර දෙන ලෙස පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ එරට පාපන්දු සම්මේලනයෙන් ඉල්ලා සිටී.

බංග්ලාදේශය “ඒ“ ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරිණ.

2018-2019 පාසල් තරග වාරයේ වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට, කොළඹ නාලන්දා විද්‍යාලයේ ලක්‍ෂිත රසාංජන සමත්විය.

ආසියානු ගෘහස්ත කඹ ඇදීමේ තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වූවාය.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති 20-20 ක්‍රිකට් තරගයේදී පිට-පිට පන්දු 7කදී හයේ පහර 7ක් එල්ල කිරීමට ඇෆ්ගනිස්තාන පිතිකරුවන් සමත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන සංචාරය සඳහා සෆ්රාස් අහ්මඩ් නැවතත් නායකත්වය සඳහා නම් කර තිබේ. තරගාවලිය සැප්තැම්බර් 27 ආරම්භ වීමට නියතමිය.

Latest News