ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි.

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව ඕස්ට්‍රේලියාව හිමිකර ගනී.

ශ්‍රී ලංකා-එංගලන්ත තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් පැවැත්වෙනවා. 

ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත්වීම නිසා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ද අහිමිවී තිබේ.

පකිස්තානය සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට නවසීලන්තය සමත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිටදඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය සිය පන්දු යැවීමේ ඉරියව් පරීක්‍ෂණයට අද රාත්‍රියේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යයි. ලබන 23 වැනිදා බ්‍රිස්බෙන් ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානයේදි ඔහු මෙම පරික්ෂණයට සහභාගි වන බවයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ සැකය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දැනුම් දෙනු ලැබුවේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුයි. ඒ අනුව සති දෙකක් ඇතුළත ඔහුව පරීක්‍ෂණයකට යොමු කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී ඇත.

එම පරීක්‍ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ක්‍රිකට් තරග සඳහා සහභාගි වීමට ඔහුට අවස්ථාව උදාවි තිබේ.
අකිල ධනංජය වෙනුවට නිශාන් පිරිස් ශ්‍රි ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා ඇත.

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග දෙකක් ඊයේ පැවැත්විණ.

ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ද ලකුණු 57කින් ජයගැනීමට එංගලන්තය සමත් විය.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 9කට ලකුණු 324ක් ලබාගැනිමට අද සමත්වූහ.

ශ්‍රී ලංකා-එංගලන්ත දෙවන ටෙස්ට් තරගයේ ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 336ක් රැස් කළා. 

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.

ශ්‍රී ලංකා-එංගලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට පල්ලෙකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනවා.

ක්‍රිකට් ආචාර ධර්ම තුනක් කඩ කිරීම පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් චෝදනා ගොනු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.

ශ්‍රී ලංකා පිටදඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී තිබේ. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ලේ පැවති ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුවයි අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධ සැකය මතුව ඇත්තේ.
 
ඒ අනුව සති දෙකක් ඇතුළත ඔහුව පරීක්‍ෂණයකට යොමු කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී ඇත.
 
එම පරීක්‍ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඔහුට ක්‍රිකට් තරග සඳහා සහභාගි වීමට අවස්ථාව උදාවේ. මේ අනුව ඔහු එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි වනු ඇති.
 
ගාල්ලේ පැවති ප්‍රථම තරගයේ දී කඩුලු දෙකක් දවා ගැනිමට අකිල ධනංජය සමත්විය. අකිල ධනංජය මේ වනවිට එක්දින තරග 25කට, 20-20 තරග 16කට සහ ටෙස්ට් තරග 4කට සහභාගි වී තිබේ.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ නායකත්වයට සුරංග ලක්මාල් පත්කර ඇත.

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දී නාවික හමුදාව සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ.

Latest News