ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් තේරීමේදී ප්‍රධාන පුහුණුකරුට හිමි බලතල අහෝසි කිරීමට පියවර ගෙන තිබේ.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග හමුවී තිබේ. 

ශ්‍රි ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු වශයෙන් අවිශ්ක ගුණවර්ධන පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය වංචා සම්බන්ධ තොරතුරු සැපයීමට ලබාදී තිබූ සහන කාලය තුළ යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

අයර්ලන්ත “ඒ“ කණ්ඩායමට එරෙහිව පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 5-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා “ඒ“ කණ්ඩායම සමත්වුණා.

ප්‍රංශයේ පැවති මොන්ටිකාලෝ මෝටර් රථ රැළියේ ජය වාර්තා කිරීමට ප්‍රංශයේ සෙබස්තියන් ඔගියර් සමත්විය.

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක චාමික කරුණාරත්න කැඳවා තිබේ.

2016 ජනවාරි 31 සිට 2018 දෙසැම්බර් 31 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ගණුදෙණු පිළිබඳ වොහාරික විගණනයක් කර සති 02 කින් වාර්තාවක් ලබා දෙන ලෙස ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු නියෝග කර තිබේ.

නවසීලන්තය සමග පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ලකුණු 90කින් ජය ගැනීමට ඉන්දියාව සමත්වුණා.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 40කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 17ක් ලබා සිටියා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර, ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දිනය අදයි.

ආබාධයට ලක් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් වෙනුවට විශ්ව ප්‍රනාන්දු නම් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වනවා.

සර්බියාවේ නොවැක් යොකැවිච් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. 

ශ්‍රී ලංකා “ඒ“ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයෙකු ඇතුළත් කරගැනීම සඳහා තමාට රුපියල් ලක්‍ෂ 10ක අල්ලසක් ලබාදීමට පුදිගලයෙකු උත්සාහ කළ බව, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලෝක ටෙස්ට් කණ්ඩායමට තෝරා ගැනේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සම්මාන අතුරින් වසරේ ක්‍රිකට් විනිසුරු ලෙස තේරී පත්වී දෙවැනි වරටත් ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය ලැබීමට ශ්‍රී ලංකාවේ කුමාර ධර්මසේන සමත් වී තිබේ.

අයර්ලන්ත “ඒ“ කණ්ඩායම සමඟ පැවති දෙවැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගය ද ජය ගැනීමට ශ්‍රී ලංකා “ඒ“ කණ්ඩායම අද සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු  යනවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ගේ වම් පාදයේ කලවා ප්‍රදේශයේ අැතිවු අබාධයකට ශ්‍රී  ලංකව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගාවලියේන් ඉවත්කර තිබේ.

Latest News