ඉන්දියාවේ කොවිඩ්19 ආසාදිතයන් ලක්‍ෂ18 ඉක්මවයි

අගෝ 03, 2020

    අසල්වැසි ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 18 ලක්‍ෂ යේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

    ඉකුත් පැය 24 තුළ අලුතින් හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 52,783ක්.

    එම කාලසීමාව තුළ සිදුවූ මරණ 758ත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 38,000 ඉක්මවා ගියේය. මේ අතර, ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා කොරෝනා වෛරස් ආසාදිතයෙකු බවට තහවුරු වී ඇති අතර, දකුණු කර්නාටක ප්‍රාන්ත මහ ඇමති බී.එස්. යෙඩියුරප්පා ද කොරෝනා වෛරස් ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ. කෙසේ වුවත්, වෛරසය ආසාදනය වී පසුගියදා රෝහල්ගත කෙරුණු සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තාවේ.

    Latest News