රුසියාව, බ්‍රිතාන්‍යයටත් අනතුරු අගවයි

අප්‍රේ 27, 2022

    යුක්‍රේන ආක්‍රමණය සම්බන්ධයෙන් තම රටට තවදුරටත් අනවශ්‍ය බලපැම් සිදු කරන්නේ නම් බ්‍රිතාන්‍යයට ද යුක්‍රේනයට මෙන්ම, ප්‍රතිවිපාක විඳීමට සිදුවන බවට රුසියාව අනතුරු අඟවයි.

    මේ අතර, ජර්මනිය පළමු වරට යුක්‍රේනයට යුද ආධාර ලබාදීමට ක්‍රියා කර ඇති බවයි, වාර්තා වන්නේ. බටහිර රටවල් යුක්‍රේනයට මෙලෙස දිගින් දිගටම යුද ආධාර ලබාදීම රුසියානු රජයේ දැඩි කෝපයට හේතු වී තිබේ.

    ජර්මානු රජය ගුවන් යානා නාශක රථ 50ක් ඇතුලු තවත් යුද උපකරණ යුක්‍රේනයට ලබාදීමට තීරණය කර තිබේ. එය එරට ගනු ලැබූ ප්‍රතිපත්තිමය වෙනස්කමකින් යුත් තීරණයක් බවයි, වාර්තා වන්නේ.

    මින් පෙර කිසිඳු අවස්ථාවක යුක්‍රේනයට යුද ආධාර ලබාදීමට ක්‍රියා නොකළ යුරෝපා රටක් ලෙසයි ජර්මනිය සැළකෙන්නේ. 

    Last modified on බදාදා, 27 අප්‍රේල් 2022 11:52

    Latest News