''මිල්ටන්" ෆ්ලොරිඩාවට පහර දෙයි

ඔක් 11, 2024
    අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑ ''මිල්ටන්'' සුළි කුණාටුවෙන් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බවයි බලධාරීන් පවසන්නේ.

    මිල්ටන් සුළි කුණාටුව මේ වන විට අත්ලාන්තික් සාගරය හරහා හමා යමින් පවතිනවා.
    ෆ්ලොරිඩා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට තවමත් ගංවතුර තත්වය බලපා ඇති බවයි වාර්තා වන්නේ.
    නිවාස සහ ව්‍යාපාරික ස්ථාන ලක්ෂ 30 ක පමණ විදුලිය විසන්ධි වී තිබෙනවා.
    ඉදිරි දිනවල ගංවතුර තත්ත්වය තවත් උග්‍ර විය හැකි බවටයි බලධාරීන් අනතුරු අඟවන්නේ.
    ටොනේඩෝ, සහ ගංවතුර බලපා ඇති ප්‍රදේශවලට නොයන ලෙස එහි නිවැසියන්ට උපදෙස් දී තිබෙනවා.

    Latest News