ඉන්දියාව කැළඹූ දුම්රිය අනතුර

ඔක් 13, 2024
    දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේදී, ශීඝ්‍රගාමී මගී දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන්, 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
    මගී දුම්රියෙහි මැදිරි 12 ක් පීලි පැනීමට ලක්ව තිබුණා.
    මයිසූර් සිට දර්බංගා නගරය වෙත ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී මගී දුම්රියක්, චෙන්නායි අසළ තිරුවල්ලූර් දිස්ත්‍රික්කයේ පිහිටි කවරයිප්පෙට්ටායි දුම්රිය ස්ථානයේ නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටී ‍තිබෙනවා.
    එහිදී ශීඝ්‍රගාමී මගී දුම්රියේ මැදිරියක ගින්නක් ද හට ගැනුණා.
    අනතුර සිදු වන අවස්ථාවේ ශීඝ්‍රගාමී දුම්රිය පැයට කිලෝමීටර 75 ක වේගයකින් ධාවනය වෙමින් තිබූ බවයි, වාර්තා වන්නේ.
    ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබුණද ශීඝ්‍රගාමී මගී දුම්රිය, අතුරු දුම්රිය මාර්ගයකට පිවිස ඇති බව, දුම්රිය බලධාරීන් පවසනවා.
    එහිදී දුම්රිය සංඥා ක්‍රියාත්මක වීමේ යම් ගැටලුවක් පැන නැගී ඇති බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ. දුම්රිය අනතුරින් කිසිදු ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නැහැ. විමර්ශන ක්‍රියාත්මකයි.
    Last modified on ඉරිදා, 13 ඔක්තෝබර් 2024 16:59

    Latest News