කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මේ වනවිට රටවල් 92ක ව්‍යාප්තවී ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඉන්දුනීසියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද මිලියන දෙක ඉක්මවා ගියේය.

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට නව සූර්ය පැනල ඒකකයක් සවි කර තිබේ. එම මධ්‍යස්ථානයේ විදුලිබල පද්ධතිය ඉහළ නැංවීම අරමුණයි.

අමෙරිකාව යුධ නෞකාවක් ආසන්නයේ පුපුරණ ද්‍රව්‍ය රාත්තල් 40,000ක් පුපුරවා හැර අත්හදා බැලීමක් සිදුකර තිබේ. ඒ එවැන්නකින් නෞකාවට වන හානිය පරීක්ෂා කිරීම සඳහායි.

ඉරානය සමග මෙතෙක් පැවැත්වූ සාකච්ජා සාර්ථක බව යුරෝපා සංගමය පවසයි. අඩපන වී ඇති න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් නව එකඟතාවක් ඇති කර ගැනීම සාකච්ජාවල අරමුණයි.

ඉතියෝපියාවේ මහ මැතිවරණය අද ආරම්භ විය. ඊට සමගාමීව එරට ප්‍රාන්ත බලධාරීන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම ද ආරම්භ විය.

චීනය එරට ජනතාවට මේ වන විට එන්නත් මාත්‍රා බිලියනයක් ලබාදී තිබේ. ලබන මස අවසන් වීමට පෙර රටේ ජනගහනයෙන් 40%කට එන්නත් ලබාදී අවසන් කිරීම චීනයේ අරමුණයි.

බ්‍රසීලයේ කොරෝනා මරණ සංඛ්‍යාව පන් ලක්‍ෂය ඉක්මවා තිබේ.

ඉරානයේ නව ජනාධිපති ලෙස, ඊබ්‍රාහිම් රයිසි තේරී පත්වීම මැද පෙරදිග කලාපයට තර්ජනයක් බව ඊශ්‍රායලය ප්‍රකාශ කරයි.

ඉන්දියාවෙන් පළමු වරට හඳුනා ගැනුණු කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ලොව පුරා පැතිර යාමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඩෙල්ටා ප්ලස් යනුවෙන් හඳුන්වනු ලබන නවතම කොරෝනා වෛරස් ප්‍රභේදය ඉන්දියාවේ ප්‍රාන්ත දෙකකට ව්‍යාප්ත වී තිබේ.

තම රටේ ආහාර හිඟයක් මතුව ඇති බව උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ප්‍රකාශකර තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ නව කොරෝනා රැල්ලක් මතු වී ඇති බව අගමැති බොරිස් ජොන්සන් පවසනවා.

ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව මිලියන 4ක් දක්වා ඉක්මවීමට ආසන්න වී තිබෙනවා.

උතුරු දිග ඉන්දියාවේ හිමාල කඳු ප්‍රදේශවලට ආසන්න දුෂ්කර ගම්මානවල සිටින ජනයා කොරෝනා වසංගතයට දැඩි සේ ගොදුරු වී ඇතැයි වාර්තාවේ.

ඊශ්‍රායලය,ගාසා තීරයට යළි ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. ඒ අනූව, ඉකුත් මැයි 21 වැනිදා ඇති කර ගත් සටන් විරාම ගිවිසුම මේ වන විට බිඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

රුසියාවේ කලාප කිහිපයකට පනවා ඇති සීමා තවදුරටත් දැඩි කිරීමට එරට බලධාරින් අද පියවර ගත්තේය.

මියන්මාර් හිටපු නායිකා අවුන්සාන් සුකි අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හමුදා ජුන්ටාව ඇයට එරෙහිව චෝදනා 5ක් එල්ල කර තිබේ.

ඊශ්‍රායලය සඳහා නව අග්‍රාමාත්‍යවරයෙක් ඊයේ දිවුරුම් දෙනු ලැබීය. ඒ අනූව, බෙන්ජමින් නෙතන්යාහුගේ වසර 12ක ධුර කාලය අවසන් විය. දක්ෂිණාංශික දේශපාලනඥයෙකු වූ නෆ්ටාලි බෙනට් ඊශ්‍රායලයේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙනු ලැබීය.

කොළොම්බියාවේ ගල් අඟුරු පතලක ඇති වූ පිපිරීමකින් පතල් කම්කරුවන් 09 දෙනෙකු මියගොස් තිබේ.

Latest News