කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට ගෝලීයව මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 40 ලක්ෂ 26,000 ඉක්මවා ගොස් තිබේ.

ජපානයේ කොරෝනා අවදානම හේතුවෙන් රට තුළ ඊයේ සිට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරිණ. ටෝකියෝ ඔලිම්පික් සංවිධායකයින් මෙරට ක්‍රීඩා උළෙල සඳහා ප්‍රේක්ෂකයන්ට සහභාගී වීමේ අවස්ථාව නොදීමටයි තීරණය කර ඇත්තේ.

කොරෝනා වසංගතය හමුවේ තායිලන්තය අර්බුදයකට පත්ව තිබේ.

හයිටි ජනාධිපතිවරයාගේ නිවසට එල්ල වූ ප්‍රහාරයකින් ඔහු ඊයේ (07) ජීවිතක්ෂයට පත්විය.

'ලැම්බ්ඩා' නමැති කොරෝනා වෛරස ප්‍රභේදය ඕස්ට්‍රේලියාවේ ව්‍යාප්ත වෙමින් පවතින බවට හඳුනාගෙන තිබේ.

රටවල් කිහිපයක් සතු පේටන්ට් බලපත්‍රවලට වඩා සංවර්ධනය ලෝකයේ සියලුම රටවල අයිතිය බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. 

ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව අද වන විට ලක්ෂ 40 සීමාව ඉක්මවා ගොස් ඇතැයි,කොරෝනා දත්ත වාර්තා කරන ලොව ප්‍රමුඛතම වෙබ් අඩවියක් වන වර්ල්ඩෝමීටර් වෙබ් අඩවිය සඳහන් කරයි.

වෙනිසියුලාව ඊයේ තම 210 වැනි නිදහස් දින උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය.

බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සොනාරෝට එරෙහිව තවත් දූෂණ චෝදනා එල්ල වී තිබේ.

පිලිපීනයේ හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් මියගිය පිරිස 45 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්දියාවේ භාරතී බයෝටෙක් ආයතනය එන්නත්කරණය මගින් කොවිඩ් රෝගය පාලනය 93.4ක% ඵලදායිතාවක් පෙනුම් කරන බව පෙන්වා දෙයි.

ඉරානය කොරෝනා වෛරසයේ පස්වැනි රැල්ලක් අභියසට පැමිණ තිබේ.

ජපානයේ අටාමි නගරයේ නාය අනතුරකින් 20ක් අතුරුදන් වී තිබේ.

ඉන්දුනීසියාවෙන් ඉකුත් සති තුනේ හමු වූ රෝගීන්ගෙන් 60%ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන්.

රටේ ජනගහනයෙන් 50%කට වැඩි පිරිසකට පූර්ණ වශයෙන් එන්නත් ලබාදී ඇති මොංගෝලියාවේ ද කොරෝනා ආසාදිතයින් හමුවීම ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.

දකුණු ආසියානු කලාපයේ නේපාලය, පකිස්තානය ඇතුළු රටවල් සියල්ලෙන්ම පාහේ රෝගීන් හමුවීම විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසියාව පුරා දැඩි ලෙස පැතිරයාමේ අවදානමක් පවතින බව, විදෙස් මාධ්‍ය අනතුරු අඟවයි.

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමි නගරයේ සිදු වූ නේවාසික ගොඩනැගිල්ල කඩාවැටීමෙන් සිදුවු මරණ සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කැනඩාවට බලපා ඇති උණුසුම් කාලගුණික තත්වය හේතුවෙන් දින 5ක් තුළ 486 දෙනෙකු මරණයට පත්ව තිබේ.

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන්, අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් වාර්තා වීම 10%කින් ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි. නව ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයන් එරට සෑම ප්‍රාන්තයකින්ම වාර්තා වී තිබේ.

Latest News