කොරෝනා වෛරසයේ ප්‍රභවය සෙවීමේ පරීක්ෂණ ඇමරිකාව දෙසට යොමු කළ යුතු බවට ජනමත විමසීම‍කට එක් වූ ගෝලීය පුරවැසියන්ගෙන් සියයට 83.1ක් පවසයි.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ පසුගිය සති අන්තය පුරාවටම වසා දැමීමේ සීමාවන් පනවා තිබිණ.

පිලිපීනය දැඩි වසා දැමීමේ සීමාවන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් ජර්මනියේ බර්ලින් නුවර පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

අවුරුද්දකට වැඩි කාලසීමාවක් පසු අමෙරිකාවේ වාර්තා වූ අඩුම මරණ සංඛ්‍යාව ඊයේ වාර්තාව වී තිබෙනවා.

මියන්මාරයේ යළි බහුපාක්ෂික මැතිවරණයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් ගුවන් තොටුපලට දැවැන්ත රොකට් ප්‍රහාර තුනක් එල්ල වී තිබේ.

චීනයෙන් නව කොරෝනා ආසාදිතයන් 75ක් හඳුනාගෙන තිබේ.

ජපානයේ දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10,744ක් දක්වා ඉහළ ගොස් තිබේ.

බටහිර ග්‍රීසියේ පැලපනීස් ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ ඇති වූ ලැව්ගින්න එම ප්‍රදේශයේ මුහුදු තීරය දක්වා ව්‍යාප්ත වී ඇති බව, එරට මාධ්‍ය වාර්තා කරයි.

ඕමානයට අයත් මුහුදු කලාපයේ දී ඊශ්‍රායල නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඊශ්‍රායලය චෝදනා කරන්නේ ඊට ඉරානය සම්බන්ධ බවයි.

අමෙරිකාවෙන් ඊයේ වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 99,470ක්. අමෙරිකාව තුළ කොරෝනා වසංගතය යළි උග්‍ර අතට පත්ව තිබේ.

ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව විසි කෝටියට ආසන්න බව අමෙරිකාවේ ජෝන් හොප්කින්ග්ස් විශ්වවිද්‍යාලය පවසයි.

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ඊයේ ඇතිවූ හදිසි ජල ගැලීම්වලින් 60 දෙනකු පමණ මිය ගොස් තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය සඳහා හමුදා සහය ලබාගැනීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ වඩාත් ජනාකීර්ණ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා විය.

ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් ඊයේ සිදුව ඇත්තේ ඉන්දුනීසියාවෙන්.

ප්‍රංශය ලබන මස 9 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව නීති කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

ටෝකියෝ නගරයේ දෛනික කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

මියන්මාරය කොරෝනා වෛරස ‍ව්‍යාප්තියේ දැවැන්තම කේන්ද්‍රස්ථානයක් වුණු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විශේෂඥයෙකු අනතුරු අඟවනවා.

Latest News