ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 30,387,551ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (19) අලුයම වාර්තා කරයි.

චීනය විසින් හිමිකාරීත්වය දරණ ටික් ටොක් සහ වී චැට් යන සමාජ මාධ්‍ය ඇප් තහනම් කිරීමට අමෙරිකාව සූදානම් වන බව වාර්තා වෙයි.

ලොවපුරා කොරෝනා වෛරස මරණ සංඛ්‍යාව නව ලක්ෂ පනස් දහස ඉක්මවා ගොස් තිබේ.

අමෙරිකාවේ ගල්ෆ් වෙරළ තීරය ආසන්නව විශාල දේපළ හානියක් සිදු කළ සැලී සුළි කුණාටුව උතුරු දෙසට ගමන් කරමින් පවතින බව, වාර්තා වෙයි.

ඉන්දියාවෙන් වාර්තා වන කෝවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට ලක්ෂ පනහ ඉක්මවා තිබෙනවා.

චීනයේ කහ මුහුදු ප්‍රදේශයේ අද (15) 9:23ට, Long march 11 මුහුදේ සිට දියත් කිරීමේ ප්‍රවාහන රොකට්ටුව ආධාරයෙන්, “Jilin 1” ඇතුළු චන්ද්‍රිකා 9ක් සාර්ථකව කක්ෂගත කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 74 වන සැසිවාරයේ සමාප්ති උත්සවය ඊයේ (15) පස්වරුවේ පැවැත්විණ.

ජපානයේ නව අගමැතිවරයා ලෙස යෝෂිහිඩේ සුගා තෝරාගෙන තිබේ. මීට දින කිහිපයකට පෙර ඔහු ජපාන පාලක පක්ෂයේ නායකයා ලෙස තෝරා ගැනිණි.

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන මේ වනවිට ලක්ෂ 50 ඉක්මවා තිබේ. ඒ, ඊයේ (15) දිනයේදී එරටින් තවත් කොරෝනා ආසාදිතයින් 91,120 දෙනෙක් හඳුනා ගැනීමත් සමගයි.

කොරෝනා අර්බුදයත් සමග ඉන්දියාවේ රෝගීන් සඳහා ඔක්සිජන් හිඟයක් හටගෙන ඇති බව, විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

චීනයේ ෂිංජියෑං ප්‍රාන්තයෙන් සිදු කෙරෙන ආනයන තහනම් කිරීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.

කොරෝනා වෛරස ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානම මධ්‍යයේ ඊශ්‍රායලය නැවත සති තුනක කාලයක් රට වසා දැමීමට තීරණය කර තිබේ.

ඉකුත් පැය 24 තුළ ලොව පුරා අලුතින් කොරෝනා වෛරස ආසාදිතයන් තුන් ලක්ෂ 7930 දෙනෙක් හඳුනාගෙන තිබේ. එය ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ කොරෝනා ගෝලීය ව්‍යාප්තිය ආරම්භ වූ දින සිට දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

දේශගුණික අර්බුද හේතුවෙන් වසර 2050 වන විට ලෝක ජනගහණයෙන් කෝටි 120ක පිරිසක් අවතැන් වීමේ අවදානමක් මතුව ඇති බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

අමෙරිකාවේ බටහිර වෙරළ තිරය ආශ්‍රිතව ඇතිවූ ලැව්ගිනිවලින් මියගිය පිරිස 33 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

අද වනවිට දකුණු ආසියානු කලාපීය රටවල කොරෝනා වෛරස ව්‍යාප්තියේ වැඩි වර්ධනයක් පෙන්නුම් කරයි.

කැනඩාව පසුගිය මාර්තු මාසයෙන් පසුව ප්‍රථම වරට කොවිඩ්-19 මරණයක් වාර්තා නොවූ දිනයක් ලෙස ගෙවීගිය පැය 24ක කාලය සනිටුහන් කළ බව එරට මහජන සෞඛ්‍ය ඒජන්සිය පවසයි.

දෛනිකව වාර්තාවන ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව නැවතත් ඉන්දියාවෙන් වාර්තා වෙයි.

අමෙරිකාව එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වී අදට වසර 19ක් සපිරෙයි.

ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ, අසල්වැසි ඉන්දියාවෙන්.

Latest News