කොරෝනා වෛරසය ආසාදනය වීමට ඉඩ හැර ඊට එරෙහිව සමාජය තුළින් ප්‍රතිශක්තියක් ගොඩනැගීමේ උපක්‍රමය සදාචාරාත්මක නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

කොරෝනා වෛරසය වැළදී සිටි අමෙරිකා ජනාධිපති අද නැවතත් සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග යුරෝපා රටවල සීමා කිරීම් ද ඉහළ නංවා තිබෙනවා.

ඉන්දියාවේ සමස්ත කොරොනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 7 ඉක්මවයි.

ඉරාණයේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවා තිබෙනවා.

කොරෝනා අර්බුදය හේතුවෙන් බ්‍රිතාන්‍යය මුළුමනින්ම වසා දැමීමේ අවදානමක් මතුව ඇතැයි එරට විද්‍යාඥයෙක් පවසයි.

ආමේනියාව සහ අසර්බයිජානය සාම ගිවිසුමකට එකඟ වී තිබේ.

අමෙරිකාව ඉරානයේ බැංකු 18 කට සම්බාධක පනවයි.

නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීම පිළිබඳව ලෝක ආහාර වැඩසටහනට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සුබ පතයි.

පවතින කොරෝනා අවදානම ඉහළ යාමත් සමග සංචරණ සීමා දැඩි කරමින් ඉරානය සහ නේපාලය යළි වසා දැමීමේ තීරණයකට එළඹ තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලබාගැනීමට නම් අදාළ සාමාජිකයාගේ සහකාරිය හෝ සහකරු ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා පරික්ෂණයෙන් සමත්වීම අත්‍යවශ්‍ය බව එරට රජය පවසනවා.

කුවෙට්හි හිටපු ආරක්ෂක ප්‍රධානී ෂෙයික් මෙෂාල් අල් අහමද් එරට ඔටුන්න හිමි කුමරු ලෙස අද නම් කෙරුණා.

ඊයේ දිනය තුළදීත් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වුණේ ඉන්දියාවෙන්.

ප්‍රංශය තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය යළිත් වරක් වේගවත් වී තිබෙනවා.

ඩෙල්ටා සුළු කුණාටුව ඉදිරි පැය 24 තුළදී මෙක්සිකෝවේ වෙරළාශ්‍රිත ප්‍රදේශයට බලපෑම් එල්ල කරනු ඇති බවට එරට කාලගුණික අංශ දැනුම් දී තිබෙනවා.

කොවිඩ් නයින්ටීින් වයිරසයට එරෙහි එන්නතක් වසර අවසන් වන විට නිෂ්පාදනය කිරිමට හැකිවනු ඇතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළා.

ධවල මන්දිර කාර්ය මණ්ඩල සේවකයන් රැසකට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ලොව පුරා සිටින පුද්ගලයින්ගෙන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එක්වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් බීම බට හා ප්ලාස්ටික් ආහාර බහාලුම් බ්‍රිතාන්‍ය තුල භාවිතය තහනම් කර තිබේ.

කොවිඩ්-19 රෝගය වැලැදුන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල් ගත කර තිබිණ.

Latest News