කොරෝනා වෛරසය හේතුවෙන් අද වන විට ලොවපුරා සිදුව ඇති මරණ ගණන දෙලක්ෂ හතළිස් හතරදහස් හත්සියය ඉක්මා තිබේ.

එබෝලා රෝගී තත්වය සඳහා ලබාදුන් ඖෂධය කොරෝනා ආසාදිතයන්ට ලබාදිීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.

ගත වූ පැය 24 ට බ්‍රිතාන්‍යය ආසාදිතයින් හදුනාගැනීමේ පරික්ෂණ එක්ලක්ෂ විසිදෙදහසක් කිරීම සමත්ව තිබෙනවා.

මැයි මස 04 වැනි දින දක්වා පනවා තිබූ ඉන්දියාවේ අගුලු දැමීම තවත් සති දෙකකින්, එනම් මැයි 18 වනදා දක්වා දීර්ඝ කරන බව බලධාරීහු පවසති.

COVID -19 වසංගතය තවමත් ජාත්‍යන්තර හදිසි මහජන සෞඛ්‍ය තත්වයක් බව,ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. සිකුරාදා ජිනීවාහි පැවති මාධ්‍ය හමුවකදී සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මේ බව සඳහන් කළේය.

COVID -19 රෝගයට හේතු වන කොරොන වෛරසය “ස්වාභාවික සම්භවයක්” සහිත බව ලෝක සෞඛ්‍ය සංවිධානය යළි අවධාරණය කරයි.

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,401,190ක් දක්වා ඉහළ ගොස් තිබේ.

උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් පළමු වරට ඊයේ (01) දිනයේ දී ප්‍රසිද්ධියේ පෙනී සිටි ඇති බව එරට මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි. සති කිහිපයක කාලයක සිට කිම් ජොංග් උන් මාධ්‍ය වෙත පෙනී නොසිටි අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය තුල විවිධ කතාබහට ලක්විය.

ඉන්දියාවෙන් ගතවූ අවසන් පැය 24ට වෛරස ආසාදිතයින් 2293ක් වාර්තා වී තිබේ. ඒ ඉන්දියාව තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණනයි.

කොවිඩ් - 19 හේතුවෙන් අද වන විට ලොව පුරා මියගිය සංඛ්‍යාව 239,500 ඉක්මවයි. ආසාදිතයන් ගණන මිලියන 3.4ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව මිලියනයකට අධිකයි.

කොරෝනා වෛරසය හේතුවෙන්, ආර්ජන්ටිනාවේ බන්ධනාගාර රැඳවියන් තාවකාලිකව නිදහස් නොකරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ සංවිධාන කෙරිණ.

කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන චීනයෙන් අද නව කොරෝනා රෝගීන් 12 දෙනෙකු වාර්තා වී තිබේ.

ලොව පැතිරයන කොරෝනා වෛරසය, මිනිසා විසින් නිපදවන ලද වෛරසයක් බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

රුසියානු අග්‍රාමාත්‍ය, මිහාඉල් මිෂුස්ටීන් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

බ්‍රිතාන්‍ය යේ වෛද්‍ය සේවය වෙනුවෙන් පවුම් මිලියන 30ක මුදලක් රැස් කිරීමට සමත් වූ දෙවන ලෝක යුද විරුවෙකු වන කපිතාන් ටොම් මෝර් තම සියවන ජන්ම දිනය අද සමරයි.

ඉකුත් පැය 24 තුළ දකුණු කොරියාවෙන් වාර්තාවන කොරෝනා නව ආසාදිතයින් සංඛ්‍යාව 09ක්.

අසල්වැසි ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ කොරොනා නව මරණ 71ක් සිදුව තිබේ.

රුසියාවෙන් ද ඉකුත් පැය 24 තුළ ද කොරෝනා නව ආසාදිතයින් 5841 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඒ අනුව එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 99,400කට ආසන්නයි.

කොරෝනා වෛරසයෙන් මේ වනවිට දැඩි බලපෑම් එල්ලවෙමින් පවතින තවත් රටක් ලෙස බ්‍රසීලය සැලකිය හැක.

කොරෝනා වෛරසය හේතුවෙන් ඉකුත් පැය 24 තුළ අමෙරිකාවට පසු වැඩිම මරණ වාර්තා වන්නේ, එක්සත් රාජධානියෙන්. එම සංඛ්‍යාව, 795ක්.

Latest News