ප්‍රංශය කොරෝනා මරණ විසි දහස ඉක්මවූ රටවලින් සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.

‍ෙකොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වන නව ප්‍රතිවෛරසයක් සාර්ථකව අත්හදා බලමින් සිටින බව වාර්තා වෙයි. වෛරසයට ප්‍රතිකාර වශයෙන් ඖෂධ හා එන්නත් සොයා ගැනීමේ ක්‍රියාදාමය තුළ මෙය සතුටුදායී ආරංචියක් ලෙසයි, සැලකෙන්නේ.

ඉකුත් පැය 24 තුළ ජපානයෙන් කොරෝනා නව ආසාදිතයින් 501 දෙනෙක් හඳුනාගෙන තිබේ.

ඉකුත් පැය 24 තුළ යුරෝපයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, එක්සත් රාජධානියෙන්.

බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් 44 දෙනෙකු මධ්‍යම අප්‍රිකානු චැඩ් ජනරජයේ බන්ධනාගාරයක් තුළ දී මියගොස් තිබේ. විෂ ශරීරගත වීමකින් ඔවුන් මියගොස් ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකවේ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව අද වන විට 40,000 ඉක්මවා තිබේ.

අමෙරිකාවෙන් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව, හත් ලක්‍ෂ තිස් අට දහස දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

කොරෝනා වෛරසයේ මීළඟ කේන්ද්‍රස්ථානයට බවට අප්‍රිකානු මහද්වීපය පත්වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටිං සහ චීන ජනාධිපති ෂි-ජි-පිං ඊයේ දුරකතන සාකච්ජාවක් පවත්වා තිබේ.

චීනයේ වූහාන් නගරයේ මියගිය පිරිස සම්බන්ධ සංඛ්‍යාලේඛන 50%කින් ඉහළ නංවා තිබේ.

ජපාන අගමැති ෂින්සෝ අබේ, එරට කොරෝනා මැඩලීම සඳහා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඉන්දියාවේ ප්‍රධාන නගර සියල්ලම පාහේ කොරෝනා වෛරසයේ අවදානම් නගර ලෙස නම් කෙරිණ.

කොරෝනා වෛරසයෙන් යුරෝපයෙන් මේ වනවිට දැඩි බලපෑම්වලට එල්ල වූ රටක් ලෙස බ්‍රිතාන්‍යය සැලකේ.

අමෙරිකාව ප්‍රන්ත මට්ටමින් විවෘත කිරීමට සූදානම් වන බව වාර්තාවේ.

ලොව පුරා කොරෝනා නිසා මියගිය සංඛ්‍යාව 135,662 කි.

ඔස්ට්‍රියාවේ ඇතැම් වෙළෙසැල් හෙට සිට නැවත විවෘත කිරීමට අවසර දී ඇති අතර, ඇතැම් විට ජර්මනිය ද එම ක්‍රියාමාර්ග අනුගමනය කරනු ඇති බව වාර්තා වේ.

මළ සිරුරකින් කොවිඩ් -19 වෛරසය පුද්ගලයකුට සම්ප්‍රේෂණයවීම හා ඉන් මරණයක් සිදුවීමේ පළමු පුවත තායිලන්තයෙන් වාර්තා වේ.

කොවිඩ් – 19 වෛරසය සඳහා එන්නතක් ලබන සැප්තැම්බර් මාසය වනවිට නිපදවිය හැකිවනු ඇති බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්යවරියක් වන සාරා ගිල්බර්ට් පවසයි.

දකුණු කොරියානු මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය වන ජනාධිපති මූන් ජේ ඉන් නියෝජනය කරන ඩිමොක‍්‍රටික් පක්ෂය ලබා ඇත.

අද (16) දිනයේ සිට අළුයම් කාලයේ දි උල්කා වර්ෂාවක් දැකබලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් මෙරට ජනතාවට උදාවන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

Latest News