අමෙරිකාවට පසුව අද වනවිට වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ, දකුණු අමෙරිකානු හෙවත් ලතින් අමෙරිකානු රටක් වන බ්‍රසීලයෙන්.

අමෙරිකාවේ “නිව්යෝර්ක් ටයිම්ස්” පුවත්පතේ මුල් පිටුව අද එරට කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් වෙන්කර තිබේ.

ලොව පුරා රටවල් හා බල ප්‍ර දේශ 213ක ව්‍යාප්තව ඇති කොරෝනා වෛරසයෙන් මෙතෙක් ආසාදිත වූ සංඛ්‍යාව 54 ලක්‍ෂයක්.

ඉස්ලාමීය බැතිමතුන්ගේ ප්‍රධානතම පූජනීය ස්ථානය වන සෞදි අරාබියේ මක්කම දේවස්ථානය අද බැතිමතුන්ගෙන් හිස් වූ ස්වභාවයක් පෙන්නුම් කළේය.

පුළුල් අන්තර්ජාතික අවධානයට ලක්වූ පකිස්තානයේ කාවන් නමැති හස්ථියා පිළිබඳ නඩු විභාගය ඊයේ අවසන් විය.

ලොව සමස්ත කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 53 ලක්ෂය ඉක්මවා තිබේ.

ලොව ප්‍රථම වරට වාර්තා වූ චීනයෙන් කොවිඩ්-19 ආසාදිතයන් ඊයේ කිසිදු රෝගියෙකු වාර්තා නොවීය.

රුසියාවෙන් නව කොවිඩ්-19 ආසාදිතයන් 8,894ක් ඊයේ සොයාගෙන තිබේ.

බ්‍රසීලය තුළ ද කොවිඩ්-19 සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි.

එක්සත් ජනපදයේ කොවිඩ්-19 රෝගීන්ගේ සංඛ්‍යාව, ලක්‍ෂ 16 ඉක්මවා තිබේ.

පාකිස්තානයේ කරච්චි නුවර සිදුවූ ගුවන් අනතුරෙන් 56 දෙනෙකු මිය ගොස් තිබේ.

චීනයේ ධාන්‍ය අර්බුදයක් ඇති නොවන බව චීන කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය හැන් චාං ෆු මහතා පවසයි.

පකිස්තානයේ, කරච්චි ජාත්‍යන්තර ගුවන්තොටපොළ ආසන්නයේ දී මගීන් 90 දෙනෙක් රැගත් ගුවන් යානයක් කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා වෛරසයේ නවතම රැල්ලක් ඇතිවීමේ සැකය මත මිලියන සීයක ජනගහනයකින් යුත් චීනයේ ප්‍රාන්තයක නගර දෙකක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කරයි.

13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3වැනි සැයිවාරය බෙයිජිංහි දී ආරම්භ‍ වෙයි.

කොරෝනා වෛරසය සඳහා ඖෂධ දෙකක් සායනිකව පරීක්ෂා කිරීමට බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සූදානම් වෙයි. මැලේරියා රෝගයට යොදාගත් ඖෂධ දෙකක් එලෙස යොදා ගැනීමට නියමිත බවයි, වාර්තා වන්නේ.

අම්ෆන් සුළි කුණාටුව හේතුවෙන් නැගෙනහිර ඉන්දියාව හා බංගලාදේශය ආශ්‍රිත ප්‍රදේශවල 84 දෙනෙකු මියගොස් තිබේ.

බ්‍රසීලයේ සාඕ පවුලෝහි රෝහලක් එකවර 1,500කට අධික පිරිසකගේ කොරෝනා වෛරස පරීක්ෂා කිරීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

එක් දිනක් තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ වැඩිම සංඛ්‍යාව ඊයේ (20) දිනයේ වාර්තා වී තිබේ.

කොරෝනා වසංගතයෙහි බලපෑම නිසා ලෝකයේ මිලියන 60කට වැඩි පිරිසක් අන්ත දිළිඳුභාවයට ඇද වැටෙනු ඇති බව ලෝක බැංකුව පවසයි.

Latest News