අම්ෆන් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන්, ඉන්දියාවේ සහ බංගලාදේශයේ 15 දෙනෙක් මියගොස් තිබේ.

ගතවූ පැය 24 තුළ ලෝකය පුරා නව කොරෝනා රෝගීන් 106,000 ක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එය වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට මෙතෙක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එක්සත් ජනපදයෙන් ආධාර ඉල්ලා ඇති බව, වාර්තා වෙයි.

තම රට තුළ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 15ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූයේ, පරීක්ෂණවල සාර්ථකත්වය නිසා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

දකුණු සුඩානයේ උප ජනාධිපති රික් මචාර් සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වේ.

කොරෝනා වෛරසය පළමුවෙන් වාර්තා වූ රටවන චීනයෙන් අද නව ආසාදිතයන් 06 දෙනෙකු සොයා ගෙන තිබේ.

ගත වූ පැය 24 තුල ජර්මනියෙන්, නව කොරෝනා වෛරස් ආසාදිතයන් 638ක් සොයා ගැණින.

ප්‍රංශ යේ මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 179,927ක්.

කොරෝනා වෛරසයෙන් බලපෑම් එල්ල වූ යුරෝපා රටවල් සඳහා අවශ්‍ය ආර්ථික සහයෝගය ලබාදීමට ප්‍රංශය හා ජර්මනිය සූදානම් වේ.

කොරෝනා වෛරසය හේතුවෙන් ගත වූ පැය 24 තුළ අමෙරිකාවේ 1,003ක් මියගොස් තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක් යැයි, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.

මෙක්සිකෝවේ, මෙක්සිකෝ සිටි හි පිහිටා ඇති වෙළෙඳ සංකීර්ණය මේ වනවිට කොරෝනා වෛරසය පැතිරීමේ අධි අවදානමක් සහිත ප්‍රදේශයක් ලෙස නම් කර තිබේ.

බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ ශාන්ත පියරේ රෝහල් කාර්ය මණ්ඩලය එරට අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නිහඬ විරෝධතාවක් පැවැත්විය.

දකුණු අප්‍රිකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් අසරණ වූ ජනතාව ආධාර ලබාගැනීමට කිලෝ මීටර් ගණනාවක් දිගු පෝලිම්වල රැස්ව සිටියේය.

ජපානයේ ආර්ථිකය විශාල වශයෙන් පසුබෑමකට ලක්ව තිබේ.

අමෙරිකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් ඇති වූ ආර්ථික අවපාතය 2021 වසර අවසාන වනතෙක් පවතින ඇති බවට එරට රාජ්‍ය භාණ්ඩාගාර ප්‍රධානියා අනතුරු අඟවයි.

ලොව පුරා මේ වනවිට කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 48 ඉක්මවා තිබේ.

බ්‍රසීලයේ, සාවෝ පෝලෝ නගරයේ සෞඛ්‍ය සේවය කඩා වැටීමට ආසන්න බව, එරට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි.

ඉකුත් පැය 24 තුළ චීනයෙන් වාර්තා වූයේ නව කොරෝනා මරණ 5ක් පමණි.

ස්විට්සර්ලන්තය, ජර්මනිය හා ඔස්ට්‍රියාව අතර දේශසීමා සඳහා පැනවූ සංචරණ තහනම් නීති ලිහිල් කිරීමට පියවර ගැණින.

Latest News