ඉකුත් පැය 24 තුල තෙවනුවට වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන රට එක්සත් රාජධානියයි.

ඉකුත් පැය 24 තුල තෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන්නේ රුසියාවෙන්.

ඉකුත් පැය 24 තුල දෙවනුවට ලොව වැඩිම ආසාදිත පිරිසක් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.

ලොව පුරා රටවල් හා බල ප්‍රදේශ 213ක ව්‍යාප්තවී ඇති කෙරෝනා වෛරසයෙන් දැනට වාර්තා වන සමස්ත ආසාදිත පිරිස හතළිස් හත් ලක්‍ෂ 20,000කට අධිකයි.

ලබන මස පළමුවැනිදා වනවිට අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්‍ෂය ඉක්මවන බව එරට රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන අධ්‍යක්‍ෂ වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් අනතුරු අඟවයි.

සෑම මිනිත්තු 08කට වරක් ඉන්දියානු දරුවෙකු අතුරුදහන් වන බවට විමර්ශනයකින් තොරතුරු අනාවරණය වී තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සේවයෙන් පහ කළ නවතම ජ්‍යෙෂ්ඨ නිලධාරියා බවට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පරීක්ෂක ජෙනරාල් ස්ටීව් ලිනික් පත්ව තිබේ.

අමෙරිකානු පැසිපන්දු ක්‍රීඩා තරුවක් වන කෝබේ බ්‍රයන්ට් මරණයට පත් වූ හෙලිකොප්ටර් අනතුර පිළිබඳ පශ්චාත් පරීක්ෂණ වාර්තාව නිකුත් කර තිබේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති අවස්ථාවක ලෝක වෙළෙ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් රොබටෝ අසවේදු සිය තනතුරෙන් ඉල්ලා අස්වෙයි.

යුරෝපයේ කොරෝනා වෛරස තර්ජනය අවසන් කළ ප්‍රථම රට බවට ස්ලෝවේනියාව ඊයේ (15) පත්විය.

ගතවූ පැය 24ට ලොව වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාව වාර්තා කරමින් රුසියාවේ නව ආසාදිතයන් සංඛ්‍යාව 10,598ක් හඳුනාගෙන තිබේ.

ඉන්දියාවේ කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 78,000 ඉක්මවා තිබේ.

ලොව පුරා සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා ගොස් තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව තවදුරටත් වැඩිම බලපෑමට ලක්ව ඇති රට අමෙරිකාවයි. ඉකුත් පැය 24 තුළ එරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 1,715ක්.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අමෙරිකාවේ බෝවන රෝග පිළිබඳ ඉහළතම නිලධාරියා හා විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනී ෆවුචි ලබා දෙන උපදෙස් පිළිගත නොහැකි බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

කොරෝනා වෛරසය හේතුවෙන්, මේ වන විට ලොව පුරා ජනතාවගේ මානසික ආතතිය ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියි.

රෝනකොරෝනා වෛරසය ලෝකයෙන් කිසි දින සම්පූර්ණයෙන් තුරන් කිරීමට නොහැකි වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

කොවිඩ්-19 රෝගයේ දෙවැනි රැල්ලක් ව්‍යාප්ත වුවද ඊට බිය විය යුතු නැතැයි, චීන විද්‍යාඥයින් පවසයි.

බ්‍රිතාන්‍යය තුළ සියලු වෙළෙඳ සැල් ජුනි මස මුලදී නැවත විවෘත කිරීමට පියවර ගන්නා බව එරට ව්‍යාපාරික අමාත්‍ය ආලෝක් ෂර්මා පවසයි.

කොවිඩ්-19 රෝගයෙන් ඉහළම තර්ජනයකට ලක් වූ අමෙරිකාවේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 14 ලක්‍ෂ 8636ක්.

Latest News