අමෙරිකානු ඩිමොක‍්‍රටික් පාක්ෂික ජනාධිපති ධූර අපේක්ෂිකා ElizabethWarren මහත්මිය ජනාධිපතිවරණ අපේක්ෂකත්ව තරඟයෙන් ඉල්ලා අස්වෙයි.

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු හා ඔහුගේ බිරිඳ මේගන් මාකල් රාජකීයත්වයෙන් සමුගැන්මේ වැඩසටහන ආරම්භ කර තිබේ. රාජකීයත්වය අත්හරින බවට ඉකුත් ජනවාරි මස කළ නිවේදනයෙන් අනතුරුව ඔවුන් ඊයේ නිල උත්සවයකට සහභාගී වූයේ පළමු වරටයි.

කොවිඩ් 19 වෛරසයෙන් බ්‍රිතාන්‍යයේ සිදුවූ පළමු මරණය ද ඊයේ වාර්තා විය.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය පාලනයට ඉරානය හා ඉතාලිය දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබේ. පාසල් හා විශ්ව විද්‍යාල වසා දමා ඇති අතර ප්‍රධාන නගර රැසක දැඩි සංචාරක සීමා ක්‍රියාත්මකයි. මුදල් නෝට්ටු පරිහරණය සීමා කරන ලෙස ද ඉරාන බලධාරීන් ජනතාවට දැනුම් දෙයි.

ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනිවලට පසුගිය කාලය පුරා දේශගුණික විපර්යාසයන් සිදුකළ බලපෑම පිළිබඳ පර්යේෂණාත්මක වාර්තාවක් මුල් වරට ඉදිරිපත් කර තිබේ.

2020 අමෙරිකානු ජනාධිපතිවරණ සටනින් ඉවත් වීමට මයිකල් බ්ලූම්බර්ග් තීරණය කර තිබේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තලේබාන් සංවිධානයේ දේශපාලන නායක Abdullah Ghani Baradar මහතා සමඟ ඇෆ්ගනිස්ථානයේ තත්වය පිළිබඳව ඊයේ (3) දුරකථන සාකච්ඡාවක් පැවැත්වීය.

ඉන්දුනීසියාවේ Merapi ගිනි කන්ද ඊයේ (3) පුපුරා ගියේය.

නව කොරොනා වසංගතයෙන් ආර්ථිකයට එල්ලවී ඇති බලපෑම් අඩු කිරීම සඳහා අමෙරිකානු ෆෙඩරල් සංචිතය ඊයේ (3) සියයට 50ක හදිසි පොලී අනුපාත කප්පාදුවක් ප්‍රකාශයට පත් කළේය.

කොවිඩ් 19 වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට ආධාර ලබාදීමට ලෝක බැංකුව සූදානම් වෙයි.

ඉරානයේ බන්ධනාගාර ගත කර සිටින සිරකරුවන් 54,000ක් නිදහස් කර තිබේ. ඒ කොවිඩ් 19 වෛරසය පැතිරයාමේ අවදානම වළක්වා ගැනීම සඳහායි.

උණ සහ උගුරු ආසාදනයක් හේතුවෙන් කොවිඩ් -19 පරීක්ෂාවකට බඳුන් වූ පළමු වැනි ෆ්‍රැන්ස්සි පාප් තුමන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී නැති බවට තහවුරු කර තිබේ.

කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 3,000 ඉක්මවා තිබේ. චීනයෙන් පිටත වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්.

මේ වන විට කොරෝනා ආසාදන තත්වය ලොව පුරා පැතිරීමේ අවදානමක් ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. එහි ප්‍රධාන ආචාර්ය ටෙඩ්‍රස් අඩනොම් කියා සිටින්නේ, කොරෝනා වෛරසය ඉතා සුවිශේෂී එකක් නමුත් නිසි ප්‍රතිකර්ම මගින් පාලනය කළ හැකි බවයි.

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් අගනුවර ඉදිකර තිබූ සරණාගත කඳවුරක් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ආසාදිතයින් 87870 ක්. තවත් රටවල් කිහිපයකින් අද නව කොරෝනා ආසාදිතයන් වාර්තා විය.

අමෙරිකානු ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් වීමට පීට් බුටිගෙග් තීරණය කර තිබේ.

වෛරසයෙන් මේ වන විට 3,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර ආසාදිත පිරිස 88,000කට අධිකයි.

කොරෝනා වෛරසය නොහොත් කොවිඩ් 19 වෛරසය පැතිර යාමට දකුණු කොරියාවේ දැඩි බලපෑමක් එල්ල කළ ආගමික පල්ලියක ප්‍රධානියාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම කොරෝනා මණය පර්ත් නුවරින් අද උදෑසන වාර්තා විය.

Latest News