ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි අමෙරිකානුවන් 400 දෙනෙකු අද ඉවත් කර ගැනුණා.

වසර 05කට පසුව ජපාන ආර්ථිකයේ අඩුම වර්ධන අගය අද වාර්තා වුණා.

බ්‍රිතාන්‍යයේ සවුත්වේල්ස් ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

වෛරසයෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 1,775ක්. ආසාදිතයින් සංඛ්‍යාව 71,329ක් ලෙසයි වාර්තා වන්නේ.

කොරෝනා වෛරසය නොහොත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් හඳුනාගැනීමත් සමග ජපානයේ යොකොහාමා වරායේ නිරෝධායන ක්‍රියාවලිය සිදු කෙරෙන ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි තම ජාතිකයින් ඉන් ඉවත් කර ගැනීමට අමෙරිකාව කටයුතු කර තිබේ.

කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම වළක්වා ගැනීම සඳහා භාවිතයේ පවතින මුදල් නෝට්ටු පිරිසිදු කරගැනීමට චීනය පියවර ගෙන තිබේ.

චීනය තුළ කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයේ නව ආසාදිතයන් සංඛ්‍යාවේ සුළු අඩුවීමක් දැකිය හැකි බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කරයි.

අමෙරිකාව හා තලෙයිබාන් සංවිධානය අතර සටන් විරාම එකඟතාවකට එළඹ තිබේ.

චීන විදේශ අමත්‍යවරයා, ජර්මන් චාන්සලර්වරිය හමුවෙයි.

ඇෆ්ගනිස්ථානයේ දින හතක ප්‍රචණ්ඩත්වය අඩු කිරීමේ යෝජනාවක් පිළිබඳව, ඇමරිකාව සහ තලේබාන් සංවිධානය සාකච්ඡා කළ බව, එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර් නිවේදනය කරයි.

කොරෝනා වෛරසය ආසාදය වීමෙන් චීනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1483 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අන්ත දක්ෂිණාංශික නායක මැටියෝ සැල්වීනිට නඩු පැවරීම සඳහා ඉතාලි සෙනෙට් සභාවේ අනුමැතිය ලැබී තිබේ.

කොරෝනා වෛරසය ගොඩනැගිලිවල නල පද්ධති හරහා ව්‍යාප්ත වන්නේද යන්න පිළිබඳව විශේෂ පරීක්‍ෂණයක් හොංකොං හි වෛද්‍ය විද්‍යාඥයන් ආරම්භ කර තිබේ.

චීන ජනාධිපතිවරයා කටාර් හා ඉන්දුනීසියාව යන රටවල නායකයන් සමඟ වෙන් වෙන්ව දුරකථන සංවාද‍යේ නිරත වෙයි.

ඉන්දියාවේ දිල්ලි එක්සත් පරිපාලන ඒකකයේ පැවති මැතිවරණය ජයග්‍රහණය කිරීමට හිටපු මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් සමත්ව තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා ප්‍රකාශ කළේ, නව කොරෝනා වෛරසයට එරෙහි ප්‍රථම එන්තන ඉදිරි මස 18ක කාලය තුළ සංවර්ධනය කිරීමට කටයුතු කරන බවයි.

නව කොරෝනා වෛරසය කොවිඩ් 19 ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරයි.

චීනයෙන් ආරම්භ වූ කොරෝනා වෛරසය සෙසු ලෝකයට ඉතා බරපතල තර්ජනයක් වන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

බොලීවියාවට බලපා ඇති අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 08දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විශාල  පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇති බව එරට සිවිල් ආරක්‍ෂක බලධාරීන් පවසයි.

Latest News