එල් සැල්වදෝර් ජනාධිපතිවරයාට සහය දෙන සන්නද්ධ හමුදා නිලධාරීන් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට කඩා වැදී තිබේ. අපරාධ මර්දන සැලසුමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීමට බල කිරීම අරමුණයි.

සිරියානු හමුදා එරට ඉඩ්ලිබ් නගරයේ එල්ල කළ ප්‍රහාරවලින් තුර්කි හමුදා භටයින් පස්දෙනෙකු මියගොස් තිබේ.

කොරෝනා වෛරසය පිළිබඳ විස්තර සොයා බැලීමට චීන ජනාධිපති ෂී ජින් පින් ඊයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා මියගිය සංඛ්‍යාව 1 013ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සුර්යාගේ ධ්‍රැවීය කලාප සිතියම්ගත කිරීමේ අරමුණෙන් අභ්‍යවකාශ මෙහෙයුමක් දියත් කෙරිණ.

අයර්ලන්ත මහමැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනූව එරට සින්ෆයින් පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තා වෙයි.

නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 910 දක්වා ඉහළ ගොස් තිබේ. මරණ 908ක්ම වාර්තා වන්නේ චීනයෙන්.

අද වන විට 2003 වසරේ දී ලොවපුරා ව්‍යාප්තවූ සාර්ස් වෛසරයෙන් මියගිය සංඛ්‍යාව අභිබවා කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. මේ වන විට වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 813ක්.

තායිලන්තයේ කොරාට් නුවර සාප්පු සංකීර්ණයක සිදුවූ වෙඩි තැබීමකින් 20 දෙනෙකු මියගොස් තිබේ.

තායිලන්තයේ ඊසාන දිග බැංකොක් හි කෝරාට් ප්‍රදේශයේදී හමුදා සෙබලෙක් විසින් සිදුකළ වෙඩි තැබීමකින් හමුදා නිලධාරින් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයින් 15 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

කොරෝනා වෛරසයට ගොදුරුව මියගිය වෛද්‍ය ලී වෙන් ලියන් මහතාගේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් චීනයේ වුහාන් නගරයට යැවීමට තීරණය කර තිබේ.

කොරොනා වෛරසය ආසාදිත චීන කාන්තාවගේ ජෛව සාම්පල වැඩිදුර විමර්ශන සඳහා හොංකොං වෙත යැවීමට පියවර ගෙන තිබේ.

ලොව විශාලතම සමාජ ජාල වෙබ් අඩවිය ලෙස සැලකෙන ෆේස්බුක් සමාගමේ ට්විටර් හා ඉන්ස්ටග්‍රැම් ගිණූම්වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අමෙරිකානු ජනාධිපති සහ සවුදියේ සල්මාන් බින් අබ්දුලාසීස් අල් සෞඩ් රජු සමඟ දුරකථන සංවාදයක නිරත වී ඇත.

ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 2,085 කි.

යේමනයේ අල්කයිඩා නායකයා අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් ඝාතනය කර තිබේ.

චීනයේ කොරෝනා වෛසරයෙන් මියගිය සංඛ්‍යාව 618 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේදි මරණ 69ක් වාර්තා විය.

ජපානයේ මගි නෞකාවක වෛරසය ආසාතියන් 20 දෙනෙකු සොයා ගැනිණ. ඒ සමග යාත්‍රාවේ සිටි 3,700ක පමණ පිරිසක් නිරෝධායන කටයුතු සඳහා දින 14ක කාලයක් එහි රැඳවීමටයි ජපාන බලධාරීන් තීරණය කර ඇත්තේ.

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 563 දක්වා ඉහළ ගොස් තිබේ. රෝගය ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ 28,276ක් ලෙසින්.

අමෙරිකානු සෙනෙට් මණ්ඩලය,ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග චෝදනාවෙන් ඔහු නිදහස් කර තිබේ.

Latest News