‍ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබන 20 වැනිදා කටාර් හි ආරම්භ වනවා. තරගාවලියේ මෙරට නිල විකාශන අයිතිය හිමිව ඇත්තේ, ජාතික රූපවාහිනියටයි.

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාගැනීමට අදාළ සියලු ප්‍රතිපාදන සැපයීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් බව, එහි උපලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා පවසනවා.

ICC T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය දැන් පැවැත්වෙනවා.

ක්‍රීඩාවේ විශිෂ්ටයන් තිදෙනෙකු ICC ක්‍රිකට් හෝල් ඔෆ් ෆේම් වෙත ඇතුළත් වූ නවතම පුද්ගලයින් බවට පත්ව ඇත.

ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වෙනවා. ඒ එංගලන්තය සහ පාකිස්තානය අතර.තරගය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 1.30ට ආරම්භ වීමට නියමිතයි.

බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායක නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා. ඒ පොලොන්නරුවේදී පැවති ජාතික බර ඉසිලීමේ තරගාවලියේදී.

ෆිෆා ලෝක පාපන්දු ශූරයින්ගේ ‍සටනට තවත් ඇත්තේ, දින 8ක්.

කප් එක කාටද ?

නොවැ 12, 2022

20-20 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය හෙට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදි පැවැත්වීමට නියමිතයි. 20-20 ලෝක කුසලාන තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 8 වැනි වරටයි.

T20 ලෝක කුසලාන අවසන් මහා තරගය අනිද්දා(13) මෙල්බන්හිදී පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාව පරාජය කළ එංගලන්තය T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

‍මෙවර ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම උත්සව 16 කට සහභාගි වී ඇති බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර හිමිව ඇත්තේ, ඉන් එක් උත්සවයක් සඳහා පමණක් බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුණ රණතුංග මහතා පවසනවා.

T20 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (10) ඔස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ්හිදී පැවැත් වීමට නියමිතයි.

ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම අවසන් පූර්ව තරගය කඩුලු 8කින් ජය ගන්නට පකිස්ථානු කණ්ඩායම සමත් වුනා . 

‍ඔස්ට්‍රේලියාවේ බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක, ධනිෂ්ක ගුණතිලක මුහුණ දුන් සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්, ඊයේ පැවැත්වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග යළිත් 2020 ජාත්‍යන්තර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලේඛනයේ පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද (09) පැවැත්වෙනවා.

ෆිෆා ලෝක පාපන්දු ශූරයින්ගේ ‍සටනට තව දින 12 යි.

2022 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර් ව තරගය පකිස්ථානය හා නවසීලන්තය අතර හෙට සිඩ්නි හිදී පැවැත් වේ.

ICC ඔක්තෝබර් මාසයේ ක්‍රීඩකයා ලෙස, ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලි තේරී පත් වී තිබෙනවා.

2022 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භයට ඇත්තේ තවත් දින 13ක් පමණයි. ලබන 20 වැනි දා ආරම්භ වන තරගාවලියේ මෙරට නිල විකාශන අයිතිය ජාතික රූපවාහිනිය සතුයි.

Latest News