සුඩානයට ලබාදෙන ආධාර නතර කිරීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා. හමුදා කුමන්ත්‍රණයකින් එරට හමුදාව සුඩානයේ බලය අල්ලා ගැනීම ඊට හේතුවයි.

සම්ප්‍රදායට පිටුපාමින් හා රාජකීයත්වය අත්හරිමින්, ජපාන රජ පවුලේ සාමාජිකා මාකෝ කුමරිය, අද සිය ආදරවන්තයා සමග විවාපත් වුණා.

වෙනිසියුලාවේ සියලු පාසල් සහ විශ්ව විද්‍යාල ඊයේ සිට යළි විවෘත කෙරුණා.

නැගෙනහිර චීනයේ කොවිඩ් වසංගතය යළි ඉස්මතු වීම හේතුවෙන් සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාව සංචාරකයින්ට තම රට විවෘත කිරීමට තීරණය කිරීමත් සමග නව නීතිරීති රැසක් ජනාධිපති ජෝ බයිඩන් විසින් පනවා තිබේ.

සුඩානයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතාවලට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

කැනඩාවට අයත් මුහුදු ප්‍රදේශයේදී රසායනික ද්‍රව්‍ය රැගත් බහාලුම් නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා. මෙලෙස ගිනිගෙන ඇත්තේ, පතල් කැණීමේදී භාවිත කරන රසායනික ද්‍රව්‍යය රැගත් මෝල්ටා රාජ්‍යයේ ධජය සහිත “එන් වී සීම් කිංස්ටන්“ නම් බහාලුම් නෞකාව බවයි, වාර්තා වන්නේ.

කොලොම්බියාවේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හා එරට ප්‍රමුඛතම අපරාධ කල්ලියේ නායකයා වන "ඩයිරෝ ඇන්ටෝනියෝ උසුගා" එරට ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්ව තිබෙනවා.  

ජර්මනියේ කොවිඩ් රෝගීන්ගේ ශීඝ්‍ර ඉහළ යාමක් දක්නට ලැබෙනවා.

රුසියාවේ කොවිඩ් රෝගීන් හා මරණ සංඛ්‍යාවේ වාර්තාගත ඉහළ යාමක් දක්නට ලැබෙන බව, එරට සෞඛ්‍ය අංශ පවසනවා.

ලොව විශාලතම මානව සම්පත් සම්මේලනය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කෙරේ.

නාසා ආයතනය යළිත් චන්ද්‍රයා වෙත මිනිසුන් රහිත යානයක් යැවීමට සූදානම් වෙයි.

අමෙරිකානු ජනගහනයෙන් 57.6% පිරිසක් සම්පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ මේ වන විට සමත් වී සිටියි.

ගෝලීය කොවිඩ් මරණ පනස් ලක්ෂය ඉක්මවීමට ආසන්නව තිබේ. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාල අධ්‍යයන වාර්තා අනූව මේ වන විට ගෝලීය වශයෙන් පුද්ගලයන් 49 ලක්ෂ 53,000කට වැඩි පිරිසක් වෛරසයෙන් මිය ගොස් ඇති බව, වාර්තා වෙයි. 

කොවිඩ්-19 ආසාදිතයින්ගේ වාර්තාගත ඉහළයාමක් දක්නට ලැබෙන බව, රුසියානු සෞඛ්‍ය අංශ පවසනවා.

දකුණු කොරියාව අද (21) අභ්‍යාවකාශ තරණයට අවතීර්ණ වුණා. 

බ්‍රිතාන්‍යයෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා.

ඔස්ට්‍රෙිලියාවේ මෙල්බර්න් නගරයේ අගුලුදැමීමේ සීමා ඉවත්කිරීමට සූදානම් බව, එරට රජය පවසනවා.

සබ්මැරීනයක සිට එල්ලකල හැකි බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව ඇත්හදා බැලූ බව, උතුරු කොරියාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

උතුරු ඉන්දියාවේ ගංවතුර නායයෑම්වලින් මියගිය පිරිස 41 දක්වා ඉහළ ගොස් තිබේ. තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇතැයි ද වාර්තා වෙයි.

Latest News