ගත වූ පැය 24 තුළ ගෝලීය කොරෝනා මරණ 7000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වනවා.

වායු දූෂණය ඉහළයාම හේතුවෙන් නවදිල්ලි නගරය ආශ්‍රිතව හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

කොරෝනා වෛරසයට ස්වභාවික ප්‍රතිශක්තීකරණයක් සහිත පුද්ගලයින් සම්බන්ධ කර ගනිමින් නව එන්නතක් නිපදවීම කෙරෙහි පර්යේෂකයින්ගේ අවධානය යොමු වී තිබේ.

එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් සඳහා රට අඟුළු දැමීමට ඕස්ට්‍රේලියාව සූදානම් වෙයි.

කොරෝනා වසංගතයේ පස්වැනි රැල්ල එරට ආරම්භ වී ඇතැයි, ප්‍රංශ සෞඛ්‍ය බලධාරින් පවසනවා.

ඊසාන දිග චීනයේ ප්‍රදේශ රැසකින් අධික හිමපතනයක් වාර්තා වී තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අධිකරණයක් පිහිටුවන බව තලේබාන් සංවිධානය ප්‍රකාශ කරයි.

ජර්මනියේ කොරෝනා මරණ ලක්ෂය ඉක්මවා යනු ඇති බවට එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

දහසකට ආසන්න ආසාදිතයන් පිරිසක් කොවිඩ්-19 රෝගයට ගොදුරු වීමෙන් ඊයේ දිනය තුළ පමණක් මියගොස් ඇතැයි, රුසියානු සෞඛ්‍ය අංශ පවසයි.

ඇෆ්ගනිස්ථානයේ ජනතාව සාගත තත්වයකට ගොදුරු වීමට ආසන්න බව ලෝක ආහාර වැඩසටහන පවසයි.

අධික වර්ෂාපතනය හේතුවෙන්, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

මාස 20කට පසු අමෙරිකාව සංචාරකයන් සඳහා තම දේශසීමා විවෘත කර තිබෙනවා.

අධික වර්ෂාවත් සමග ඉන්දියාවේ චෙන්නායි නුවර පහත් බිම් ජලයෙන් යටවී තිබෙනවා.

ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදීමිගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ වාර්තාගත ඉහළ යාමක් දක්නට ලැබෙන බව රුසියානු සෞඛ්‍ය අංශ පවසනවා.

බටහිර අප්‍රිකානු රටක් වන සියරා ලියෝන් හි තෙල් බවුසරයක් පපුරා යාමෙන් 91 දෙනෙකු මියගොස් ඇත.

අධික දුමාරය හේතුවෙන් චීනයේ බෙයිජිං අගනුවර අධිවේගී මාර්ග හා පාසල් ක්‍රීඩාංගන වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

අමෙරිකාවේ ෆයිසර් සමාගම කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කර ඇති නව ඖෂධය 89%ක් පමණ සාර්ථක බව එම සමාගම පවසයි.

විදෙස් ව්‍යාපාරිකයන් හා සංචාරකයන් සඳහා ජපානය ලබන 8 වැනිදා සිට විවෘතව පවතින බව, එරට රජය නිවේදනය කර තිබේ.

යුරෝපා කලාපයේ කොරෝනා වෛරස සම්ප්‍රේෂණය ඉහළයාම දැඩි කනස්සල්ලට කරුණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

Latest News