චීනයේ නිෂ්පාදිත ජංගම දුරකථන භාවිතයෙන් ඉවත් වන ලෙස යුරෝපානු රාජ්‍යයක් වන ලිතුවේනියා රජය ජනතාවට දැනුම් දී තිබේ.

ඇෆ්ගනිස්ථානයේ යළි මරණ දඬුවම හා අවයව කපා දැමීම් වැනි දැඩි දඬුවම් අරඹන බව, තලෙබාන් සංවිධානය ප්‍රකාශ කරනවා.

ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග රෝග පාලනය දුෂ්කර වී ඇතැයි, අමෙරිකා සෞඛ්‍ය අංශ පවසයි. 

හරිත බලශක්තිය හා කලාපීය වශයෙන් පැන නැගී ඇති අර්බුද හා දේශගුණික විපර්යාස පිළිබඳව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා රටවල් 3 ක නායකයන් සමග අද සාකච්ඡා පවත්වයි.

කොරෝනා මර්දන ෆයිසර් එන්නත මගින් වයස අවුරුදු 5 සිට 11 දක්වා වූ වයස් කාණ්ඩයට අයත් දරුවන් තුළ ශක්තිමත් ප්‍රතිශක්තිකරණයක් ඇතිකරන බව අමෙරිකාවේ ෆයිසර් සමාගම නිවේදනය කරනවා.

කොරෝනා වෛරස නව ප්‍රභේද වඩා වේගයෙන් වාතය මගින් පැතිර යා හැකි බව, අමෙරිකාවේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ පාසල විසින් සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍ය මාර්සොලෝ කෙරෝ‍ගා ට කොරෝනා වෛරසය අසාදනය වී තිබේ.

ආසියාව ඇතුළු ලොව අනෙකුත් රටවල් කොරෝනා වෛරස ව්‍යාප්ති පාලනයට ක්‍රියාත්මක කළ සැලසුම් වෙනස් කිරීමට පියවර ගනිමින් සිටියි.

අමෙරිකාවේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව යළි ඉහළ ගොස් තිබේ.

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ අද උදේ භූකම්පනයක් සිදුව තිබේ. එය රිච්ටර් මාපකයේ සටහන්ව ඇත්තේ, ඒකක 5.8ක් ලෙසයි.

අමෙරිකාව, සිය සංචාරක සීමා ළිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.

බ්‍රිතාන්‍යය,අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව එක්ව ඇති කර ගත් ආරක්ෂක සන්ධානය ඉන්දු - පැසිෆික් කලාපයේ න්‍යෂ්ටික අවි තරගයකට මුල් වෙනු ඇති බව උතුරු කොරියාව පවසයි. කෙසේ නමුත් එම ගිවිසුම ප්‍රංශය ඇතුළු බටහිර සන්ධානයේ ඇතැම් රටවල ද විවේචනයට ලක්ව තිබේ.

ඉන්දියාව තුළ දෛනිකව ආසාදිතයන් 30,000කට ආසන්න පිරිසක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙයි.

අමෙරිකාවේ මෙතෙක් පනවා තිබූ සංචාරක සීමා ලිහිල් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

රුසියාවේ පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ජය, ජනාධිපති විලැදිමීර් පුටින්ගේ යුනයිටඩ් රෂියා පක්ෂය හිමි කරගෙන ඇත.

ලොව දෙවනුවට වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවන ඉන්දියාවෙන් ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයින් 30,809 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 296 ක්.  

ගතවූ පැය 24 තුළ වියට්නාමයෙන් නව ආසාදිතයන් 10,040 දෙනෙකු හඳුනා ගෙන ඇත.

ඇෆ්ගනිස්ථානය තලේබාන් පාලනයට නතුවීම නිසා එරට මාධ්‍ය ආයතන රැසක් වසා දමා ඇති බව වාර්තාවේ.

නව වාර්තා රැසක් තබමින් "ස්පේස් එක්ස්" පෞද්ගලික අභ්‍යවකාශ චාරිකාව අද (19) අවසන් වුණා.

ලොව වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වන අමෙරිකාවෙන් ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 64,559 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 849 ක්.

Latest News