ඕස්ට්‍රෙිලියාවේ සිඩ්නි නුවර ඇතුළු ප්‍රදේශ රැසක අගුලු දැමීමේ සීමා ඉවත් කිරීමට එරට රජය විසින් අද පියවර ගනු ලැබුවා.

චීනයේ හටගත් මහා ජල ගැල්මෙන් විසි ලක්‍ෂයකට ආසන්න පිරිසක් අවතැන් වී සිටිනවා.

ඇෆ්ගනිස්ථානයේ පාලක තලෙයිබාන් සංවිධානය හා අමෙරිකානු බලධාරින් අතර, ද්වීපාර්ශවීය හමුවක් ඊයේ පැවැත්වුණා.

දූෂණ චෝදනා එල්ලවීම හේතුවෙන් ඔස්ට්‍රියානු චාන්සලර් සෙබස්තියන් කර්ස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඉන්දියාවේ ගතවූ පැය 24 තුළ නව කොරෝනා ආසාදිතයන් 17,000 කට අධික පිරිසක් හඳුනාගැණුනා.

බ්‍රසීලය, ලොව තෙවනුවට වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වන රට බවට පත්ව තිබෙනවා.

ඊයේ දිනයේ දී පමණක් ගෝලීය වශයෙන් 7,000කට වැඩි පුද්ගලයන් සංඛ්‍යාවක් කොරෝනා වසංගතය හේතුවෙන් මියගොස් තිබේ.

බහු ජාතික සමාගම්වලට 15%ක බද්දක් පැනවීමට ලෝක නායකයින් එකඟතාව පළ කර තිබේ.

ඉන්දියාවේ ජාතික ගුවන් සේවාව වන එයාර් ඉන්දියා සමාගම, එරට ඇති විශාලතම ව්‍යාපාරික ආයතනය වන ටාටා සමාගම මගින් මිලදී ගෙන තිබේ.

ගතවූ පැය 24 තුළ අමෙරිකාවෙන් තවත් කොරෝනා ආසාදිතයින් ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ.

ඉන්දියාව බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටියි. ඒ එරට ගල් අඟුරු බලාගාර 135න් අඩකටම අවශ්‍ය ප්‍රමාණවත් ගල් අඟුරු සැපයීම අඩාල වී තිබීම හේතුවෙන්.

පාකිස්තානයේ බෙලාකිස්තාන් ප්‍රාන්තෙය් භූ කම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ අමෙරිකාවෙන් කොරෝනා මරණ 1811 ක් වාර්තා විය.

පෝලන්තයේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 70% කින් ඉහළ ගොස් තිබේ.

ගෝලීය වශයෙන් දෛනික කොරෝනා ආසාදිතයන් වැඩිම පිරිසක් මිය යන රට බවට රුසියාව පත්ව තිබෙනවා.

ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තාවන අමෙරිකාවෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 26,000ක් හඳුනා ගෙන තිබේ.

රුමේනියාවේ කොවිඩ්-19 රෝග පාලනය සඳහා පනවා ඇති අඟුළු දැමීමේ සීමාවන්ට විරෝධය පළ කරමින් විරෝධතාකරුවන් දහස් ගණනක් එරට අගනුවර පෙළපාලි සංවිධාන කර තිබිණ.

ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව මිලියන 5 දක්වා ඉහළ ගොස් තිබේ.

හොන්ඩුරාස් රාජ්‍යයේ ගුවන්ජාන් දූපතේ ඇති වූ ගින්නකින් නිවාස සිය ගණනකට හානි සිදුව තිබේ.

චීන යුද ගුවන්යානා 38 ක් අද තායිවාන ගුවන් තීරයට ඇතුළු වුණා.

Latest News