අමෙරිකානු සමාගමක් වන ෆයිසර් ආයතනයේ කොරෝනා එන්නත භාවිතය සඳහා බහරේනය අවසර ලබා දී තිබේ.

උතුරු මුහුදේ තෙල් හා ගෑස් ගවේෂණය සහ නිෂ්පාදනය අවසන් කිරීමට ඩෙන්මාර්කය සූදානම් වෙයි.

ශ්‍රී ලංකාවේ උපත ලැබූ නවසීලන්තයේ ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වන වනුෂි වෝල්ටර්ස් ඊයේ සිය මංගල පාර්ලිමේන්තු කතාව පැවැත්වූවාය.

පෝලන්තය කොරෝනා ආසාදිතයන් දස ලක්ෂය ඉක්මවූ රටවල් අතරට එක්ව ති‍බේ.

බොලිවුඩ් රංගන ශිල්පියෙකු මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සනී ඩියෝල් හට කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී තිබේ.

පොදුජනතාව සදහා පයිසර් කොරෝනා එන්නත භාවිත කිරීමට මහාබ්‍රිතාන්‍ය අනුමැතිය ලබාදී තිබනවා.

ඔස්ට්‍රේලියාවේ ඖෂධ නියාමක ආයතනය කෙරෝනා වෛරසයට එරෙහි ෆයිසර් එන්නත පිළිබඳ පරීක්ෂණ ජනවාරි මාසය වන විට සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වෙයි.

කොරෝනා වෛරසය හේතුවෙන් ජර්මනිය තුළ පනවා ඇති සීමාකිරීම් ලබන ජනවාරි මස දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

මැද පෙරදිග කලාපයේ වසංගත තත්ත්වය තවත් උග්‍ර වේ.

ටොන් පහකට වැඩි නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක්,පැනමා රාජ්‍යයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

නයිජීරියාවේ ඊශානදිග ප්‍රදේශයේ ගොවීන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරයකින් 110 දෙනෙක් මියගොස් තිබේ.

ඉන්දුනීසියාවේ ඉලි ලෙවොටොලොක් ගිනි කන්ද විදාරණය වී තිබේ. ඒ හේතුවෙන්,ගිනි කන්ද අවට ප්‍රදේශවාසීන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරිණ. අග්නිදිග ආසියානු දූපත් රාජ්‍යයක් වන ඉන්දුනීසියාවේ සක්‍රීය ගිනි කඳු 130ක් පමණ පවතියි.

අමෙරිකානු වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුචි පවසන්නේ, ඉදිරි සති කිහිපය තුළ එරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

පාපන්දු ක්‍රීඩාවෙන් දශක ගණනාවක් ලොවක් වසග කළ ඩියාගෝ මැරඩෝනාගේ අවමංගල්‍යය ඊයේ සිදු කෙරිණ.

සුඩානයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වූ සදික් අල් මහඩි කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබේ.

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් අමෙරිකාවේ 10% ඉක්මවූ විරැකියා තත්වයක් ඇති වී තිබේ.

ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙක් වන ආජන්ටිනාවේ ඩියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මියගොස් තිබේ.

රටවල් විසි හතරකින් පැමිණෙන සංචාරකයින්ට ඩොලර් පහලොස් දහසක බැදුම්කරයක් අවශ්‍ය බව ඇමරිකාව පවසනවා.

චීනය සහ ජපානය වැදගත් සම්මුතීන් පහක් කරා ළඟා වෙයි.

ජංගම දුරකතන යෙදවුම් 43ක් තහනම් කිරීමට ඉන්දීය රජය කටයුතු කර තිබෙනවා.

Latest News