රුසියාවේ ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් 613ක් මියගොස් තිබේ. එමෙන්ම නව ආසාදිතයින් 28,585ක් ගතවූ පැය 24 තුළ දී වාර්තා විය.

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම,ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වී තිබේ.

ඉන්දියාවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ඊයේ මුල්ගල තැබිණ.

එක්සත් රාජධානියේ දැවැන්තම එන්නත් වැඩසටහන අද ආරම්භ කෙරිණ.

චීනයෙන් ගෙන්වන ලද කොරෝනා මර්දන එන්නත් මිලියන 1.2 ක තොගයක් ඉන්දුනීසියාවට ලැබී තිබෙනවා.

වෙනිසියුලා මහ මැතිවරණයෙන් ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ හිතවාදී කණ්ඩායම් ජයග්‍රහණය කර තිබෙනවා.

ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය පිළිබඳ පූර්ණ ගිවිසුම යළි සාකච්ඡා කළ යුතු බවට ඉදිරිපත්ව ඇති යෝජනාවට ඉරානය විරෝධය පළ කරයි.

අමෙරිකාවේ තේරී පත්වූ නව ජනාධිපති ජෝ බයිඩන් සිය ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්‍රාමික හමුදා ජෙනරාල්වරයෙකු වන ලොයිඩ් ඔස්ටින් නම්කර තිබේ.

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ජා කිරීම සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ‍බොරිස් ජොන්සන් මේ සතියේ බෙල්ජියම් වෙත සංචාරය කිරීමට නියමිතව තිබේ.

2021 වාර්ෂික සමුළුව සිංගප්පූරුවේදී පැවැත්වෙන බව ලෝක ආර්ථික සාකච්ඡා සභාව ප්‍රකාශ කරයි.

අමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන්ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ, කෙරෝනා මර්දන එන්නත අද සිට බ්‍රිතාන්‍ය වැසියන්ට ලබා දෙන බව බ්‍රිතාන්‍ය රජය නිවේදනය කළේය.

මේ වසරේ ගෙවුණු මාස 11 තුළ චීනයේ විදේශ වෙළඳ ආනයන හා අපනයන ප්‍රමාණය පසුගිය වසරේ සමාන කාල සීමාවට වඩා සියයට 1.8කින් ඉහළ යයි.

ගෝලීය කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද වන විට හය කෝටි 79 ලක්ෂය ඉක්මවා තිබේ.

වසර 2030 වන විට කාබන් විමෝචන රථවාහන නිෂ්පාදනය නවතාලීමට ජපානය තීරණය කර තිබේ.

චීනයේ ගල් අඟුරු පතලක ඇතිවූ අනතුරකින් දහ අට දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

කුවේට් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද විමසීම අවසන් වුණා.

බ්‍රිතාන්‍ය රජයේ මහ පරිමාණ එන්නත් වැඩසටහන සහ එන්නත් ලබාදීමේදී වැඩිහිටියන්ට ප්‍රමුඛත්වය දීම යටතේ එක්සත් රාජධානියේ දෙවැනි එළිසබෙත් මහ රැජින සහ පිලිප් කුමරු ද මුලින්ම එන්නත ලැබෙන පිරිස අතර සිටින බව වාර්තා වේ.

වෙනිසියුලාවේ නව කොංග්‍රසය තෝරා පත් කර ගැනීම සඳහා වූ ඡන්දය ඊයේ පවත්වනු ලැබීය.

කොවිඩ්-19 වසංගතය මර්දනය සඳහා ලබන වසරේ මුල් කාර්තුවේ දී 'කොවැක්ස්' ලෙස නම් කෙරුණු එන්නත් වැඩසටහන ගෝලීය වශයෙන් ක්‍රියාත්මක කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්ෂා කරයි.

Latest News