ලොවපුරා ඉකුත් පැය 24 තුළ කොරෝනා නව ආසාදිතයන් පන් ලක්ෂ 75,000කට අධික පිරිසක් හඳුනාගෙන තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තාවලට අනුව අවසන් පැය 24 දී ගෝලීයව නව කොරෝනා වයිරස ආසාදිතයන් 666,000ක් හඳුනාගෙන ඇති අතර අවසන් පැය 24 දී ලොව නන්දෙසින් වාර්තාවී ඇති වයිරස ආසාදිත මරණ ගණන 11,617කි.

ලිබියාවට ආසන්න මුහුදු ප්‍රදේශයේදී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයන් හැත්තෑ හතර දෙනෙකු මියගියා.

මියන්මාර මහ මැතිවරණයේ ජය අවුන්සාන් සුඛීගේ පක්ෂයට හිමිව තිබෙනවා.

ඉන්දීය හා පාකිස්තාන හමුදා අතර ඊයේ සිදුවූ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් සිවිල් වැසියන් 10 දෙනෙක් මියගොස් තිබේ.

අමෙරිකාව තුළ ඊයේ (12) රාත්‍රියේ සිට ක්‍රියාත්මකවීමට නියමිතව තිබූ TikTok තහනම එරට වාණිජ්‍ය දෙපාර්තමේන්තුව මගින් අත්හිටුවා තිබේ.

සමස්ත ගෝලීය කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව,පන්කෝටි තිස් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

මගී නෞකා තුළ ද නැවතත් කොරෝනා වෛරස පොකුර ඉස්මතු වීමේ අවදානමක් මතුව ඇතැයි,විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

අමෙරිකා ජනාධිපතිවරණයේ අක්‍රමිකතා විමර්ශනය කිරීමට ඒරට නීතිපතිවරයා අවසර ලබා දී තිබෙනවා.

ඉතාලියේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබේ. ඉකුත් සඳුදා සිට,දෛනිකව නව රෝගීන් 35,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වීම විශේෂත්වයක්. ඉතාලියේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට දස ලක්ෂ විසි අට දහස ඉක්මවා ගොස් ඇත.

ලොව දීර්ඝතම කාලයක් සේවය කළ අගමැති ලෙස සැළකෙන බහරේනයේ කලීෆා බින් සල්මාන් අල් කලීෆා කුමරු මියගොස් තිබේ.

ඉන්දියාවේ නව දිල්ලි අගනුවර කොරොනා වසංගතය උච්චතම තත්ත්වයට පත් වෙයි.

බ්‍රිතාන්‍යයේ කොරෝනා රෝගයෙන් මියගිය සංඛ්‍යාව 50,000 පසුකර තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම ලැජ්ජාවට කරුණක් බව ජෝ බයිඩන් පවසයි. මේ අතර ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය ප්‍රතික්ෂේප කරමින් ට්‍රම්ප් දෙවැනි පරිපාලන කාලයකට සුමට සංක්‍රාන්තියක් සිදුකරනු ඇති බවට,අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පයෝ මතභෝදාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන්.

රුසියානු සාම සාධක භටයන් අසර්බයිජාන් - ආර්මේනියා ගැටුම්වලට තුඩු දී ඇති නාගොර්නෝ කරබාක් කලාපය වෙත පිටත්ව ගොස් තිබේ. මාසයකට අධික කාලයක් දෙරටේ පවතින යුද ගැටුම් මුළුමණින්ම අවසන් කිරීම අරමුණයි.

වෛරසයට සාර්ථක එන්නතක් බවට ඊයේ ඉදිරිපත් කෙරුණු ෆයිසර් - බයෝ එන්ටෙක් එන්නත සහ අඛණ්ඩ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග තුළින් කො‍රෝනා වෛරසය අවසන් කිරීමේ හැකියාව පවතින බවට තමා විශ්වාස කරන බව අමෙරිකානු සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුචි පවසයි.

කොරෝනා වෛරසය සදහා 99%කට වඩා ඵලදායී එන්නතක් පර්යේෂණ මට්ටමින් සාර්ථකවී තිබේ. එය අත්හදා බලා ඇත්තේ, අමෙරිකානු ඖෂධ සමාගමක් වන ෆයිසර් සමාගමයි.

ගෝලීය කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට පන්කෝටි 12 ලක්ෂ 32,000 ඉක්මවා ගොස් තිබේ.

ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් මාර්ක් එස්ෆර් තනතුරෙන් පහ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා.

ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා ආසියානු රටවල් කිහිපයකට තම රටට ඇතුළුවීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් සළකා බලන බව ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සඳහන් කරනවා.

Latest News