බ්‍රිතාන්‍යය ජාතිකයින්ට අද සිට කොරෝනා එන්නත ලබා දේ

දෙසැ 08, 2020

    අමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන්ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ, කෙරෝනා මර්දන එන්නත අද සිට බ්‍රිතාන්‍ය වැසියන්ට ලබා දෙන බව බ්‍රිතාන්‍ය රජය නිවේදනය කළේය.

    මෙම එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන් ලොව පළමු රට වන්නේ ද බ්‍රිතාන්‍යයයි.

    පසුගිය මාර්තු මාසයේදී ෆයිසර් සහ බයෝ එන්ටෙක් සමාගම් එක්ව කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා මෙම එන්නත නිෂ්පාදනය කිරීම ආරම්භ කළේ, ලොව පුරා රටවල් බොහෝමයක පර්යේෂකයින් ද කොරෝනා සඳහා ඵලදායී එන්තක් සොයන පසුබිමදීයී.

    සායනික මට්ටමේදී රටවල් කිහිපයක පුද්ගලයින් 44,000 ක් පමණ යොදාගෙන මෙම එන්නතේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කෙරිණ.

    එහිදී තහවුරු වූයේ කොරෝනා මර්දනය සඳහා 95% ක ඵලදායීතාවක් ඇති බවයි.

    Last modified on අඟහරුවාදා, 08 දෙසැම්බර් 2020 13:23

    Latest News