නව කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග සිය රට බරපතල තත්වයකට මුහුන පා අති බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසයි.

මාරාන්තික කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම සැළකිල්ලට ගනිමින් හොංකොං රාජ්‍යයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර සිටින්නේ, වෛරසය යුරෝපයට ද පැතිර ගොස් ඇති බවයි.

නැගෙනහිර තුර්කියේ ඇතිවූ ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස්, සිට දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

ලොව පුරා ‘කොරෝනා‘ වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව මේ වන විට 800 ඉක්මවා තිබේ.

බ්‍රෙක්සිට් පණත් කෙටුම්පත හෙවත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය නීතියක් බවට පත් වෙයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෝෂාභියෝග නඩු විභාගයේදී රිපබ්ලිකානුවන් සමඟ සාක්ෂි හුවමාරුවක් එක්සත් ජනපද ඩිමොක්‍රටික් සභිකයන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව 800 ඉක්මවා ගොස් තිබේ.

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බිල් සල්මාන් කුමරු සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයන් පවසයි.

චීනයේ වූහාන් නගරයේ පොදු ප්‍රවාහන සේවා තාවකාලිකව අත්හිටුවා තිබේ. මිලියන 9කට ආසන්න ජනගහණයක් වෙසෙන වූහාන් නගරයේ කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිරීම පාලනය කිරීමට අදාළ පියවර ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

නව වර්ගයේ නෝවල් කොරොනා වෛරස් නියුමෝනියාව පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රැස්වීමට චීනය සහභාගී වන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Geng shuang මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2020 වසරේ චීන ආර්ථිකයේ අපේක්ෂිත වර්ධනය ඉහළ නංවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (20) නිකුත් කළ නවතම“ ලෝක ආර්ථික අපේක්ෂාව ”වාර්තාවෙන් මේ වසරේ චීන ආර්ථිකයේ අපේක්ෂිත වර්ධනය පසුගිය ඔක්තෝබර් මාසයේ තිබූ 5.8% සිට 6% දක්වා ඉහළ නංවා තිබේ.

ගෝතමාලාවේ සර්කස් සංදර්ශන සඳහා යොදාගත් සතුන් 17 දෙනෙකු නිදහස් කිරීමට සත්ව සංරක්ෂණ හා ආරක්ෂණ කණ්ඩායම් සමත්වී තිබේ. මෙම සතුන් වසර ගණනාවක් දැඩි හිංසාවන්ට මුහුණ දී ඇති බව බලධාරීන් පෙන්වා දෙයි.

තෙල් අපනයන ඉක්මනින් ආරම්භ කරන්නැයි අමෙරිකාව ලිබියාවට දැනුම් දේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව ගෙනෙන දෝෂාභියෝගය සම්බන්ධ නඩු විභාගය සඳහා නව සාක්ෂි ලබා ගැනීමට නැවත නැවතත් ඩිමොක්‍රටික් පක්ෂයේ උත්සහය සෙනෙට් සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

චීනයේ කොරෝනා වෛරසය පැතිරයන සීඝ්‍රතාවය අසාමාන්‍ය අන්දමින් ඉහළගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉරානයේ නිල පුවත් ඒජන්සිය නිකුත් කළ තොරතුරු වලට අනුව, යුරෝපා රටවල් ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට සාකච්ඡා සඳහා ඉදිරිපත් කළහොත්, ඉරානය න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වනු ඇතැයි එරට විදේශ ඇමති Mohammad Javad Zarif මහතා පවසයි.

ගිනි අවි පාලන නීතිරීති ලිහිල් කරන ලෙස ඉල්ලා අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ සාමකාමී විරෝධතාවක් ඊයේ පැවැත්විණ. ඔවුන් කියා සිටින්නේ, ප්‍රාන්තයේ ගිනිඅවි පාලන නීතිරීති තවදුරටත් ලිහිල් කරන ලෙසයි.

බ්‍රිතාන්‍යයෙන් ගෙන්වූ කසළ කන්ටේනර් 42ක් හරවා යැවීමට මැලේසියානු රජය තීරණය කර තිබේ. මැලේසියාවේ පරිසර අමාත්‍යවරිය පවසන්නේ, තම රටට කසළ බැහැර කිරීමට ඉඩ නොතබන බවයි.

චීනයේ “කොරෝනා“ වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව නවතම වාර්තා පෙන්වා දෙයි.

Latest News