ඔස්ට්‍රෙිලියාවේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට එරෙහිව ප්‍රදේශ රැසක උද්ඝෝෂණ පැවැත්වේ.

අමෙරිකාවේ වයස අවුරුදු 50 ට අඩු කොරෝනා රෝගීන් රෝහල්ගත කිරීම වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇත.

ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන ජපානයේ ටොයෝටා සමාගම වාහන නිෂ්පාදනය 40%කින් අඩුකිරීමට තීරණය කර තිබේ.

කොරෝනා වෛරසයට එරෙහිව හදිසි භාවිතයට ලොව ප්‍රථම වරට ඩී.එන්.ඒ එන්නත් මාත්‍රාවක් ලබාදීම ඉන්දියාවේ ඖෂධ නියාමන නිලධාරීන් අනුමත කර තිබේ.

ඇෆ්ගනිස්තානයේ පැවති රජයට සහාය දැක්වූ වැසියන් දඩයම් කිරීමේ වෑයමක තලේබාන් සටන්කාමීන් නිරතවන බව වාර්තා වෙයි. 

අසල්වැසි ඉන්දියාව තුළ ද රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් නව කොරෝනා ප්‍රභේද හේතුවෙන් ඇතිව ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

ඊයේ දවසේ දී ගෝලීය වශයෙන් මිය ගිය පුද්ගල සංඛ්‍යාව 10,876ක්. අද වන විට සමස්ත මරණ සංඛ්‍යාව 4,416,000 ඉක්මවා තිබේ.

ලොව වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් අමෙරිකාවෙන් ඊයේ යළි වාර්තා වුණා.

තලෙබාන් ත්‍රස්තවාදීන් ඇෆ්ගන් රජයට හා අමෙරිකානු හමුදාවට සහයෝගය ලබා දුන් පිරිස් දඩයම් කිරීම ආරම්භ කර ඇති බව,  එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවක් පෙන්වා දෙනවා.

ඇෆ්ගනිස්ථානය මූලික වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් නොවන බව තලෙයිබාන් සංවිධානයේ නියෝජිත වහිදුල්ලා හෂීමි අවධාරණය කර සිටී.

හිස් ආවරණයක් නොමැතිව මාර්ගයේ ගමන් කිරීම හේතුවෙන් තලෙයිබාන් සංවිධානය විසින් කාන්තාවක් වෙඩි තබා ඝාතනය කර තිබේ.

අමෙරිකාවේ ඊයේ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව දහසේ සීමාව ඉක්මවා ගියේය.

ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගැනීමෙන් අනතුරුව තලෙබාන් සංවිධානය සිය පළමු නිල ප්‍රවෘත්ති සාකච්ජාව පවත්වා තිබේ.

ඇෆ්ගනිස්තානයේ නව පාලනය සඳහා එක්වන්නැයි, තලේබාන් සංවිධානය එරට කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කරයි.

ඇෆ්ගනිස්තානයේ තම හමුදාව ඉවත් කර ගැනීමේ තීරණය නිවැරදි බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, එම තීරණය ගනු ලැබුවේ නිවැරදි අවස්ථාවේ බවයි.

ඉන්දුනීසියාවේ පවතින දැඩි කොරෝනා ව්‍යාප්තිය එරට දරුවන්ට දරුණු ලෙස බලපා තිබේ.

ඉරානයේ වැඩිම කොරෝනා ආශ්‍රිත මරණ සංඛ්‍යාව අද වාර්තා විය.

ඇෆ්ගනිස්තාන අගනුවර වන කාබුල් නගරය තලේබාන් සටන්කාමීන් විසින් අත්පත් කර ගෙන ඇති බව වාර්තාවේ.

තලේබාන් ත්‍රස්තවාදීන් මේ වනවිට ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර හැර අනෙක් සියලුම ප්‍රධාන නගරවල බලය තහවුරු කරගෙන සිටී.

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් නව කොවිඩ් ආසාදිතයින් 466ක් හඳුනා ගෙන තිබේ.

Latest News