රුසියාවෙන් ගත වූ පැය 24 තුළ නව කොවිඩ් මරණ 819ක් වාර්තා වේ.

අමෙරිකාවේ මිලියන 37කට අධික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවේ. ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ එරටින්.

බටහිර හයිටි හි රිච්ටර් මාපකයේ ඒකක 7.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුවීමත් සමඟ හයිටි රාජ්‍යයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අල්ලා ගැනීමේ මෙහෙයුම් දැඩි කර තිබේ.

අමෙරිකාවේ ජනතාවට කොරෝනා තෙවැනි එන්නතක් ලබාදීමට එරට ඖෂධ නියාමකයින් අවසර ලබාදී තිබේ. කොවිඩ් ආසාදිතයන් ඉහළ යමින් පැවතීම මීට හේතුවයි.

අලි රංචුවක් සංක්‍රමණය වීම හේතු කරගෙන චීන වැසියන් 50,000 ක් ඉවත් කර තිබේ.

පසුගිය දින කිහිපය එසේම ඊයේ දිනයේ ලොව වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වූයේ ඉන්දුනීසියාවෙන්.

අමෙරිකාවේ දරුවන් අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වනවා.

වැඩිම කොරෝනා මරණ ඊයේ වාර්තා වූයේ ඉන්දුනීසියාවෙන්. එම අගය 1500කට ආසන්නයි.

කොරෝනා වෛරසය හඳුනාගෙන දැනට වසර එක හමාරකට වැඩි කාලයක් ගතවී තිබේ.

චීනයෙන් නව කොවිඩ් රෝගීන් 96 දෙනෙකු වාර්තා වෙයි. ඒ අතරින් 15 දෙනෙකු විදේශිකයන් බවටයි,හඳුනාගෙන ඇත්තේ.

ශ්‍රීසියේ ප්‍රදේශ රැසක ලැව්ගිනි තත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වීසා කාලය ඉකුත් වූ දැනට අමෙරිකාවේ රැඳී සිටින හොංකොං වැසියන්හට තවත් මාස 18ක කාලයක් අතිරේකව එරට රැඳී සිටීමට අවසර ලබාදී තිබේ. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ නියෝගයක් අනූව එම අවසරය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඓතිහාසික න්‍යෂ්ටික සාකච්ඡා සදහා එක්වන්නැයි එක්සත් ජනපදය ඉරාන නව අගමැති ඊබ්‍රාහිම් රයිසී මහතාට ඇරයුම් කරයි.

බංග්ලාදේශයේ චපයි-නවාබ්-ගැන්චි ප්‍රදේශයේ පුද්ගලයන් 16 දෙනෙකුට අකුණු සැර වැදීමෙන් මිය ගොස් තිබෙනවා. ප්‍රදේශ‍යේ මංගල උත්සවයකට යමින් සිටියදී ඔවුන් මේ අනතුරට ලක්ව ඇත. මෝසම් සුළි කුණාටුව සක්‍රීය වීමත් සමග බංග්ලාදේශයට අධික වර්ෂාව සහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා. බොහෝ ප්‍රදේශවල ජල ගැලීම් හා නායයාම් වාර්තා වී තිබෙනවා. දැඩි පීඩාවට පත්ව ඇත්තේ එරට රොහින්යා සරණාගත කණ්ඩායම් බවයි වාර්තා වන්නේ. බංග්ලාදේශය තුළ සෑම වසරකම මෝසම් සුළි කුණාටු සමයේ පුද්ගල මරණ වාර්තා වනවා. 2016 වසරේදී ද එරට 200 දෙනෙකු අකුණු සැර වැදීම ගියා මියගියා.

සමස්ත ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 20 ඉක්මවා ගොස් තිබේ.

එලඹෙන සැප්තැම්බර් මාසය වන තෙක් හෝ කොරෝනා මර්දන එන්නතක 03 වන මාත්‍රාව ලබාදීම තාවකාලිකව අත්හිටුවන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව රටවලින් ඉල්ලීමක් කරනවා.

කොරෝනා මර්දන එන්නතක සම්පූර්ණ මාත්‍රාවන් ලබාගත් පුද්ගලයන්ට වෛරසය ආසාදනය වීමේ ප්‍රවනතාව 50%ත් 60%ත් දක්වා අඩු වනු ඇතැයි, බ්‍රිතාන්‍යය සිදුකළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

වූහාන් නගරයේ සමස්ත ජනගහනය යළි කොරෝනා වෛරස පරීක්ෂාවට භාජනය කිරීමට චීනය සූදානම් වෙයි.

ගෝලීය රටවල් රැසක් කොරෝනා මර්දනයට තෙවැනි මාත්‍රාවක් ලබා දීම සඳහා යොමු වෙමින් සිටියි. තෙවැනි මාත්‍රාව ලෙස අමෙරිකානු නිෂ්පාදනයක් වන ෆයිසර් එන්නත යොදා ගන්නා බවයි වාර්තා වන්නේ.

Latest News