බ්‍රිතාන්‍යයේ අත්‍යවශ්‍ය නොවන සිල්ලර වෙළෙඳාම් ජුනි 15 සිට ආරම්භ කිරීමට අවසර ලබාදී තිබේ.

ස්පාඤ්ඤය වෙත පැමිණෙන සංචාරකයන් සඳහා පණවා තිබූ නිරෝධායන නීති ලිහිල් කිරීමට එරට රජය ඊයේ තීරණය කළේ.

ලොව පුරා කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව පනස් පන්ලක්ෂ අසූ අටදහස ඉක්මවා ගොස් තිබේ.

ලොව පුරා මේ වනවිට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් 54 ලක්‍ෂ 94,000කට අධික පිරිසක් හඳුනාගෙන තිබේ.

කොරෝනා වෛරසයේ මීළඟ කේන්ද්‍රස්ථානය බවට පත්වීමේ වැඩි අවදානමක් පවතින අප්‍රිකානු මහද්වීපයේ දකුණු අප්‍රිකාව ඉන් වැඩි බලපෑමකට නතුවිය හැකි බව, එරට ජනාධිපති සිරිල් රමපෝසා පවසයි.

අසල්වැසි ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ අලුතින් හඳුනාගත් කොරෝනා වෛරසයේ ආසාදිතයින් සංඛ්‍යාව 7,113ක්.

මෙක්සිකෝවේ කොරෝනා වෛරසයේ මරණ සංඛ්‍යාව 7,000 ඉක්මවා තිබේ.

චිලී රාජ්‍ය යේ සමස්ත කොරෝනා වෛරසයේ ආසාදිත සංඛ්‍යාව 69,000 ඉක්මවා ඇත.

කොරෝනා වෛරසය හේතුවෙන් දකුණු අමෙරිකානු කලාපයේ ඉහළ බලපෑමක් එල්ලවී ඇත්තේ පේරු රාජ්‍යයටයි.

යුරෝපයේ කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති එක්සත් රාජධානියේ ඉකුත් පැය 24 තුළ කොරෝනා මරණ සංඛ්‍යාව 118ක් සිදුව තිබේ.

ඉකුත් පැය 24 තුළ රුසියාවේ කොරෝනා මරණ 153ක් සිදුව තිබේ.

කොරෝනා වෛරසයෙන් බ්‍රසීලය දැඩි බලපෑමකට ලක්ව ඇති මොහොතක එරට ජනාධිපති ජාර් බෝල්සොනාරෝ ඊයේ ඔහුට සහය දක්වමින් පැවති රැළියකට මුව ආවරණ නොමැතිව සහභාගි වී තිබේ.

අමෙරිකාවේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 16 ලක්‍ෂ 86,000 ඉක්මවා ගොස් තිබේ.

කොරෝනා වෛරසයෙන් ලොව දෙවනුවට වැඩිම බලපෑමට ලක්ව ඇති රට ලෙස බ්‍රසීලය පත්ව ඇත.

කොරෝනා වෛරස් ව්‍යාප්ති පාලනයට බ්‍රසීලය සඳහා නව සංචාරක සීමාවන් පැනවීමට අමෙරිකාව තීරණය කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ බටහිර ප්‍රදේශයට දැවැන්ත සුළි කුණාටුවකින්‌ බලපෑම්‌ එල්ල වී තිබේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින්‌ නෙනන්යාහුට එරෙහිව පවතින දූෂණ චෝදනා සම්බන්ධ නඩු විභාගය ජෙරුසෙලම්‌ හිදී ඊයේ ආරම්භ විය.

ඇෆ්ගනිස්තානයේ තලේබාන්වරු දින 03ක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබේ.

කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් වඳුරන් යොදා ගනිමින් අත්හදා බලා තිබේ.

ලතින් අමෙරිකාවට අයත් රාජ්‍යයක් වන පේරු රාජ්‍ය යෙන් ද ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයින් 4,056ක් හඳුනා ගැනීමත් සමඟ එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්‍ෂ 15,000 ඉක්මවා ගියේය.

Latest News