සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේදී කුසල් මෙන්ඩිස් බොහෝ දුරට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරනු ඇතැයි, නායක දසුන් ශානක පවසනවා. වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළ කළා. තරග 03 කින් සමන්විත ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින තරගාවලිය හෙට ආරම්භ වනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ඉවත් කර ගෙන තිබේ.

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග තීරකවරයා සහ විනිසුරු මඩුල්ල නම් කර තිබෙනවා.

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම, අද අලුයම දිවයිනට පැමිණියා.

ජාතික කබඩි ශූරතාවලිය අද (09) දෙවන දිනටත් ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මින් ඉදිරියට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නේ නම් ඒ පිළිබදව මාස 03 කට පෙර තමන් වෙත දැනුම් දිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.  

ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් යන තිදෙනාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම ඉවත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ 2022 වසරේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නිවේදනය කර තිබේ. ඒ අනුව ලෝක කුසලාන තරගාවලියක් ඇතුළු තරගාවලි 09 කට මෙම වසර තුලදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවීමට නියමිතයි.

සිම්බාබ්වේ කණ්ඩායම සමග එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කර තිබෙනවා.

මෙම වසරේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා භාවිත කරන ගිනි සිළුවේ යෂ්ටිය රැගත් චාරිකාව අද (03) මෙරටට ළඟාවුණා.

ජාතික වොලිබෝල් කණ්ඩායමේ උප නායක අයේෂ් දිල්හාන් සමඟ කළ සාකච්ජාව.....(වීඩියෝ)

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කල ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දුනිත් වෙල්ලාලගේට හිමිව තිබෙනවා.

ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේවන විට ඩුබායි හි දී පැවැත්වේ.

මධ්‍යම ආසියානු වොලිබෝල් ශුරතාව හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම, ඊයේ දිවයිනට පැමිණියා.

වසරේ 20-20 ක්‍රීඩකයාට පිදෙන අයි සී සී සම්මානය සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග නිර්දේශ වී තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ නිල රූපවාහිනී විකාශන අයිතිය ජාතික රූපවාහිනිය හිමිකර ගැනිණ. තරගාවලිය ජනවාරි 16 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක, ජීවන් මෙන්ඩිස්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ තවත් තරග 2 කින් ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් ජය වාර්තා කළා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දෙවන වරටත් දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (23) රාත්‍රියේ සමත්වුණා.

33 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල ඊයේ නිමාවුණා.

Latest News