යුක්‍රේන - රුසියානු අර්බුදයට සෘජුව මැදිහත් විය නොහැකි බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

නඩතුත් කටයුත්තක් අතරතුර ක්‍රියාත්මක වූ ඉන්දීය මිසයිලයක් පකිස්තානයට එල්ල වී තිබේ.

උතුරු කොරියාව මීට දින කිහිපයකට පෙර අත්හදා බලන ලද බැලැස්ටික් මිසයිලය, නැගෙනහිර ආසියානු කලාපීය ආරක්ෂාවට සහ ලෝක සාමයට දැඩි තර්ජනයක් බව, අමෙරිකාව පවසනවා.

යුක්‍රේනය, ලොව දක්ෂතම ස්නයිෆර් වෙඩික්කරුගේ සහය ලබාගැනීමට කටයුතු කර ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මීට වසර 107 පුරා මුහුඳු පත්ලේ සැඟව තිබූ එන්ඩුරන්ස් නෞකාව සොයා ගැනීමට සමුද්‍ර පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමක් සමත්ව තිබේ.

යුක්‍රේනයේ මරියාපෝල් මාතෘ හා ළමා රෝහලට රුසියානු හමුදා විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රහාරය හෙළා දකිමින් මෙය යුධ නීති උල්ලංඝනය කිරීමත් බවයි, අමෙරිකාව පවසන්නේ.

දකුණු කොරියාවේ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය පරාදා කොන්සර්වේටිව් පක්ෂයේ අපේක්ෂක යූන්සුක් යේඕල් ජය ගෙන තිබේ.

සැත්කමක් මගින් ලොව පළමු වරට ඌරකුගේ හදවතක් බද්ධ කර සිටි අමෙරිකානු ජාතික 57 හැවිරිදි ඩේවිඩ් බෙනට් මියගොස් තිබේ.

යුක්‍රේනයේ ඊශානදිග සුමී නගරය කේන්ද්‍ර කර ගනිමින් මේ වනවිට නව සටන් විරාමයක් ක්‍රියාත්මකයි.

ඇමසන් වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ වීමේ අවදානමක් හටගෙන ඇති බව පර්යේෂකයින් පවසනවා.

දකුණු කොරියාවේ මීළග ජනාධිපතිවරයා පත් කර ගැනීමේ මැතිවරණය අදයි. මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 44කට අධික පිරිසක් සුදුසුකම් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාවෙන් ඉන්ධන සහ ගෑස් ආයනයනය, සම්පූර්ණයෙන් තහනම් කිරීමට අමෙරිකානු රජය තීරණය කර තිබේ. ඒ යුක්‍රේනය ආක්‍රමණය කිරීම නිසා රුසියාවට එරෙහිව ක්‍රියාත්මක වැඩපිළිවෙළ තවදුරටත් තීව්‍ර කරමින්.

දක්‍ෂතම සුපිරි පා දඟ පන්දු යවන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ මරණය ස්වභාවික හේතු මත සිදු වූ මරණයක් බව තායිලන්ත පොලිසිය තහවුරු කරයි.

රුසියාව - යුක්‍රේන අර්බුදය 12 වැනි දිනට එළඹ තිබේ. රුසියානු හමුදාව, යුක්‍රේනයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම මේ වන විට දැඩි කර ඇති බවයි, වාර්තා වන්නේ.

යුක්‍රේනියානුවන්ට එරට ප්‍රධාන නගරවලින් ඉවත්වීම සඳහා යළි සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 130ක් දක්වා ඉහළ ගොස් තිබේ. රුසියානු තෙල් වර්ජනය කිරීමට අමෙරිකාව ප්‍රමුඛ රටවල් ගත් තීරණය මීට ප්‍රධාන හේතුවයි. යුක්‍රේන - රුසියා ගැටලුව මුල්කර ගනිමින් රටවල් රැසක් රුසියාවට එරෙහිව සම්බාධක පනවා තිබේ.

රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 12 දෙනෙකු අමෙරිකාව විසින් පිටුවහල් කිරීමට තීරණය කර තිබේ.

ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව මිලියන 6 ඉක්මවා ගොස් තිබේ. දෛනිකව, පන්දහසකට අධික පිරිසක් කොරෝනා හේතුවෙන් මියයන බවයි, අමෙරිකාවේ ජෝන් හොෆ්ස්කින්ස් විශ්වවිද්‍යාලය නිකුත්කළ වාර්තාවක් පෙන්වා දෙන්නේ.

දකුණු කොරියාවේ ලැව්ගිනි තත්වයක් හේතුවෙන්, නිවාස රැසකට දැඩි හානි සිදුවී තිබෙනවා.

පකිස්තානයේ පෙශාවර් නගරයේ ඉස්ලාම් දේවස්ථානයක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස 62 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Latest News